නාමල්ගේ ලැම්බොගිනි යළි උඩ එයි: පුලුවන් නම් ඔප්පු කරන්නැයි රජයට අභියෝග කරමින් පොහොට්ටුව CID යයි!

Date:

රෂිකා හෙන්නායක මැයි 14, කොළඹ LNW :

  • 🔻 නාමල් රාජපක්ෂගේ ලැම්බොගිනි,රාජපක්ෂවරුන්ගේ උගන්ඩා මුදල්,ඩුබායි හෝටල් සත්‍යක්නම් ඒවා රජයට පවරාගන්න. අසත්‍යනම් බොරු සමාජගතකල අයට එරෙහිව නීතිය ක්‍රියාතමක කරන්න යැයි ඉල්ලා පොදුජන පෙරමුණෙන් අපරාධ පරීක්ශන දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක්.

වසර ගනනාවක් පුරාවට සංවිධානාත්මකව ප්‍රචාරණය කෙරුණු උක්ත කාරනා පිළිබඳව නිසි පරීක්ෂන සිදු කරන ලෙස පොදුජන පෙරමුණ දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරි විසින් අපරාධ පරීක්ශන දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ රටට සාමය උදාකරදීමත් රට සංවර්ධනය කිරීමත් හේතුකොට ගෙන ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ රට වැසියා අතර ඇතිවුනා වූ අන්‍යෝන්‍ය අවබෝධය බිඳ දැමීම සඳහා දේශද්‍රෝහී බලවේග සංවිධානාත්මකව අසත්‍ය ප්‍රචාර ගෙන ගිය බවත් එහිදී ප්‍රධාන ලෙසම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දැඩි පීඩනයක් එල්ල කිරීමට යොදා ගත් බර අවිය වන්නේ ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉලක්ක කරගනිමින් විවිධ චෝදනා එල්ල කිරීම බවයි.

ලැම්බොගිනි,රත්තරන් අශ්වයෝ,උගන්ඩා සල්ලි,ඩුබායි හෝටල් ඒ අතර ප්‍රධාන චෝදනා වන අතර වත්මන් රජය බලයට පත්වීම සිදු වූයේ එම චෝදනා මතින් බවත් ඔහු පෙන්වා දුන්නේය. එම නිසා මෙම චෝදනා ඔප්පු කිරීම හෝ චෝදනා ඔප්පු කිරීමට නොහැකි නම් අදාල චෝදනා අසත්‍ය බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහජන ජන්දයෙන් තේරීපත්වුණු නාමල් රාජපක්ෂ මහතාගේ කීර්තිනාමයට හානි කල පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන මෙන් පැමිණිල්ල සිදුකර ඇත.

තවද ඔහු ප්‍රකාශ කර සිටියේ වත්මන් ආන්ඩුව පත් කිරීමට කතිරය ගැසූ මිලියන දෙකකට අධික පිරිසක් පළාත් පාලන මැතිවරණයේදී ආන්ඩු පක්ෂයට සහය නොදී උක්ත චෝදනා ඔප්පු කරන ලෙස ආන්ඩුවට බල කරමින් රතු එලියක් එල්ල කර ඇති බවත් ඉතා කෙටි කලකින් පොදුජන පෙරමුණ වටා එක්වුනු මිලියනයකට ආසන්න පිරිස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිදොස් කොට නිදහස් කර ගැනීම ඉදිරියටම කරගෙන යන ලෙස පොදුජන පෙරමුණට කොල එලියක් දී ඇති බවයි.

" අපි ගල්කැටයක් හෝ අතට නොගෙන, මිනීමරු අරගල නොකර,ගෙවල් ගිනි නොතියා, මහජන නියෝජිතයන් මහමඟ ඝාතනය නොකර සත්‍යයෙන්, පෑනේ බලයෙන්, වචන වල බලයෙන්, බුද්ධියෙන් සංවිධාන ශක්තියෙන් ,දහඩිය මහන්සියෙන් මහින්ද ජනාධිපතිතුමා නිදොස් කොට නිදහස් කරගැනීමේ ධර්ම යුද්ධය අරඹා ඇත.එම ධර්ම යුධයට නායකත්වය දෙන්නේ නාමල් රාජපක්ෂ. මාස හයක් වැනි කෙටි කාලයකින් මිලියනයක ජනතාවක් අප සමඟ එම ධර්ම යුද්ධය ජයගැනීමට කඳවුරු බැඳ අවසන්.අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ධූර කාලය තුලම අපි අනිවාර්යෙන් මහින්ද රාජපක්ෂ නිදොස් කොට නිදහස් කරගැනීමේ ධර්ම යුද්ධය ජය ගන්නවා” යැයි ඔහු ප්‍රකාශ කර සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...