මහින්දානන්ද අල්ලන්න පෙර ඇප ඉල්ලයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් අද (මැයි 14) දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප පෙත්සමක් ගොනුකර තිබේ.

ඒ, පසුගිය රජය සමයේ චීනයෙන් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් තමන්ව අත් අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත තමන්ව මුදාහරින ලෙස ඉල්ලා සිටිමිනි.

ඒ අනුව, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 19 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නොතීසි නිකුත් කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (13)කාලගුණය – තැනින් තැන වැසි

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : අද (14)දින...

පාස්පෝට් ගන්න අද (13) එන්න එපා – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW: අද (13) දින ...

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...