ජනාධිපති ට්‍රම්ප් සිරියාවේ නව නායක අහමඩ් අල්-ෂාරා හමුවේ; සම්බාධක ඉවත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය දෙසැම්බර් මාසයේදී සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ ආණ්ඩුව හමුදා කුමන්ත්‍රණයක් මඟින් පලවා හැර රාජ්‍ය බලය ලබාගනු ලැබූ සිරියාවේ නව නායක හයාත් ඉස්ලාමීය ටරිර් අල්-ෂාම් (HTS) නායක හිටපු අල් කයිඩා සාමාජික අහමඩ් අල්-ෂාරා අද(14) සෞදි අරාබියේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන පදවි ප්‍රාප්තියේ ප්‍රථම සංචාරය ආරම්භ කරමින් ඊයේ(13) දින සෞදි අරාබියේ රියාද් වෙත පැමිණීමෙන් අනතුරුව සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සමඟ සිදුකල සාකච්ජා වලින් අනතුරුව ඊයේ දිනයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියාවට එරෙහි සම්බාධක ඉවත් කරන බවට නිවේදනය කිරීමෙන් අනතුරුව අද මෙලෙස දෙපාර්ශවය හමුව ඇත.

ජනාධිපති ට්‍රම්ප් සමඟ පැවති මෙම හමුව සිරියාවේ නව අධිකාරියේ නීත්‍යානුකූලභාවය පිළිගැනීම සඳහා වන ප්‍රධාන පියවරක් ලෙස සැලකෙන අතර 2011 වසරේදී අසාද්ගේ පාලනය යටතේ එවකට සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ඔහු ලේ වැකි මර්දනයක් දියත්කිරීම හේතුවෙන් එක්සත් ජනපද විසින් සිරියාවට එරෙහිව සම්බාධක පැනවූ අතර මේ හේතුවෙන් සිරියාවට ජාත්‍යන්තර ස්විෆ්ට් බැංකු පද්ධතියට ප්‍රවේශයක් නොතිබිණි.

ඒ අනුව, එක්සත් ජනපද සම්බාධක අවසන් කිරීම සිරියාව ජාත්‍යන්තර ආර්ථික පද්ධතියට නැවත ඒකාබද්ධ කිරීම සඳහා පියවරක් වන අතර වසර 14 ක සිවිල් යුද්ධයකින් පසු නැවත ගොඩනැගීමට උත්සාහ කරන බැට කෑ ආර්ථිකයට තල්ලුවක් වනු ඇත.

ජනාධිපති ෂාරා හමුවීමෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, සිරියාවට නැගී සිටීමට අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව ලබා දෙන බවත්, පලස්තීන ත්‍රස්තවාදීන් පිටුවහල් කරන ලෙසත් ඊශ්‍රායලය සමඟ සිරියානු සබඳතා සාමාන්‍යකරණය කරන ඒබ්‍රහම් ගිවිසුම්වලට අත්සන් කරන ලෙසත්, එක්සත් ජනපදයේ මෙහෙයුමට උදව් කරන ලෙසත් ඔහු ෂාරාගෙන් ඉල්ලා සිටියේය.

අහමඩ් අල්-ෂාරායනු මුල් භාගයේදී සිරියානු විදේශ සටන්කරුවෙකු බවට පත් වූ අතර, 2003 ඉරාක ආක්‍රමණයට ටික කලකට පෙර ඔහු ඉරාකයේ අල්-කයිඩාවට සම්බන්ධ වී වසර තුනක් ඉරාක කැරැල්ලේ සටන් කළේය.
2006 සිට 2011 දක්වා ඇමරිකානු හමුදා ඔහුව අල්ලාගෙන සිරගත කළ අතර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව 2013 මැයි මාසයේදී අල්-ෂාරා ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම්කර ඇති අතර ඔහු අල්ලා ගැනීමට තුඩු දෙන තොරතුරු සඳහා ඩොලර් මිලියන 10 ක ත්‍යාගයක් ප්‍රකාශයට පත් කර පසුව අවලංගු කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...