දරුවන් සහ ගොවියන් වෙනුවෙන් නවසීලන්තයෙන් ඩොලර් ලක්ෂ පහක ආධාරයක්!

Date:

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානම් කාණ්ඩයේ සිටින දරුවන්ට හා ගොවියන්ට ආහාර අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් නවසීලන්තය ඩොලර් ලක්ෂ පහක මූල්‍යාධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එරට විදේශ කටයුතු අමාත්‍ය නනයිනා මහුටා පවසන්නේ එම මූල්‍ය ආධාරය ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා මෙරටට ලබා දෙන බවයි.

මේ අතර නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර වසර 30කට අධික කාලයක් පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව ගැන සනහන් කරමින් එරට විදේශ කටයුතු අමාත්‍යවරිය තවදුරටත් සඳහන් කරන්නේ මෙම සම්පූර්ණ කාලය තුළ එරටින් මෙරටට ඩොලර් මිලියන 25.7ක සංවර්ධන ආධාර ලබා දී ඇති බවයි.

පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය වැඩි වී ඇති බව පෙනෙන්නට තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...