*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ලොකු ගෑස් සිලින්ඩරයක් රුපියල් දාහක් වන නිසා ඉන්දියානුවන් දහස් ගණනක් මහ පාරට!

ඉන්දියානුවන් මිලියන ගණනක් මේ දිනවල මහත් කණස්සල්ලට පත් ව සිටින්නේ ගිය සතියේ කිලෝ 14.2 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50 කින් ඉහළ දැමූ නිසා ය! ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල ඉන්දියානු රුපියල් 1000 ක් දක්වා ඉහළ යයි.

ගෘහස්ථ ගෑස් මිල ඉන්දියාවේ දේශපාලන පිටියේ කවදත් උණුසුම් මාතෘකාවකි. පාලක භාරතීය ජනතා පක්ෂය, ජන මතය දිනා ගැනීමට ද මැතිවරණ සමයේදී ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීම යහමින් පාවිච්චි කළේය.

බලට පත් වූ පසුව මෝදි රජය, ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් අපූරු යෝජනාවලියක් ගෙන ආවේය. එය හැඳින්වෙන්නේ ‘ප්‍රධාන් මන්ත්‍රී උජ්වාලා යෝජනා’ (Pradhan Mantri Ujjwala Yojana) යනුවෙනි. 2016 දී දියත් කළ මෙම ක්‍රමය හරහා අධික පරිසර දූෂණයක් සහිත බලශක්ති ප්‍රභයන්ගෙන් එල්.පී. ගෑස් වෙත මාරු වීම දිරිගැන්විණි.

එහි ප්‍රතිඵලයක් ලෙසට ඉන්දියාවේ 2020 CEEW වාර්තාව මෙසේ පවසයි.

”2011 වසරේදී ඉන්දියාවේ ගෘහස්ථ ගෑස් පරිභෝජනය 28%කි. 2020 වන විට එය 71% දක්වා ඉහළ ගොස් තිබේ”

2019 වසරේදී වාර්තා වූ ආකාරයට ගොමරිටි, අපිරිසිදු වියළි ද්‍රව්‍ය, පොලිතීන් ආදිය පිච්චීම මගින් ඉවුම් පිහුම් කටයුතු කිරීම ද ඇතුළත්ව, ඉන්දියාවේ ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන් වසරකට මරණ 600,000 ක් සිදුවෙමින් පැවතිණි. මේ අභාග්‍ය සම්පන්න තත්වය ද මෝදිගේ ගෑස් ව්‍යාප්ත කිරීමේ වැඩසටහන නිසා පහළ වැටුණේය.

මේ අතර 2020 මාර්තු මාසය වනවිට සාමාන්‍ය ඉන්දියානුවෙක් සිය මාසික වියදමෙන් 4.9%ක් ගෘහස්ථ ගෑස් වෙනුවෙන් වියදම් කරමින් සිටියේය. මේ ප්‍රතිශතය ඉදිරියේදී තවත් ඉහළ යනු ඇත.

කෝවිඩ් වසංගතයෙන් පසුව ඉන්දියාව ආර්ථික වශයෙන් නැවත වරක් ස්ථාවර වෙමින් සිටියත්, සාමාන්‍ය ජනතාවට තවමත් එහි ප්‍රතිලාභ දැනී නැත. වසංගතය හේතුවෙන් බොහෝ දුප්පත් රටවල මෙන්ම ඉන්දියානුවන්ට ද සිය දෛනික රැකියා අහිමි විය. ආදායම් අඩු විය. ජීවන වියදම වැඩි විය. ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50කින් ඉහළ දැමීමත් ඔවුන්ගේ පඩිපතට බෙහෙවින් දැනෙන දෙයක් බවට පත් ව තිබේ.

මේ අතර, ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වන්නේ වසර 2 කට පසු ආහාර සහ ඉන්ධන මිලෙහි වැඩි වීම උපරිමයක් වී ඇති බවයි. ඒ අනුව ඉහළ උද්ධමන සමයකදී අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැමීම ගැන ජනතාව අතර පවතින්නේ නොසන්සුන්තාවයකි.

ලංකාවට එන්න!

ගෘහස්ථ ගෑස් මිල ඉහළ ගියත් ඉන්දියාවට ගෑස්වලින් හිඟයක් නම් නැත. වසරකට මෙට්‍රික් ටොන් මිලියන 12 ක ගෘහස්ථ ගෑස් ඉන්දියාව විසින් නිපදවයි. එපමණක් නොව ලෝකයේ දෙවැනි විශාලතම ගෘහස්ථ ගෑස් අපනයනකරුවා වන්නේ ද ඉන්දියාවයි. ඉන්දියාව විසින් සෞදි අරාබිය, කටාරය, ඔ්මානය, කුවේටය පමණක් නොව ලංකාවට ද ගෑස් එවයි. ගේල් ගෑස් සහ අදානි ගෑස් සමාගම්, ඉන්දියාවේ මෙම වෙළඳ ඒකාධිකාරය දැඩි සේ පවත්වාගෙන යයි.

ඉතින්, රුපියල් 50 ක මිල ඉහළ යාම දරාගන්නට බැරිව දර සහ ගොමරිටි පුච්චන තත්වයට පත් වූ ඉන්දියානුවන්ට අපට කියන්නට තිබෙන්නේ ”අපේ රටට එන්න” කියලා ය. එන්න, ලංකාවේ ගෑස් පෝලිමකට.. ඉන්දියාවට ගිය පසු ඔබ නැවත කිසිදා ගෑස් මිල වැඩිවීම ගැන මැසිවිලි නොකියනු ඇත. ඒ මන්ද යත්, ලංකාවේ මේ මොහොතේ රුපියල් 50 කින් නොව 500 කින් මිල වැඩි කළත් ගෑස් සිලින්ඩරයක් සොයාගැනීම රාවණා ව සොයාගැනීමටත් වඩා දුෂ්කර නිසා ය.

මුල් ලිපිය – LPG price: Millions hit hard as cooking gas cost soars in India : BBC

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan