*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

පොලිසියට නිදහසේ රාජකාරි කළ හැකි කාලයක් උදාවෙලා ලු …

මේ දිනවල පොලිසියට නිදහසේ රාජකාරි කළ හැකි කාලසීමාවක් උදාවී ඇතැයි පොලිස් සේවයේ හැමතැනම කතාබහට ලක්ව තිබෙන බව වාර්තා වේ.

ඒ, කිසිදු දේශපාලනඥයෙකුගෙන් මේ දිනවල පොලිසියට දුරකථන ඇමතුම් නොලැබෙන නිසාය.

මේ වනවිට රටේ නිශ්චිත ආණ්ඩුවක් නොමැති නිසාත් පසුගිය සතිය වනවිට ඇමති ධුර දැරූ දේශපාලනඥයින් අතරින් බොහෝදෙනෙකු තවමත් විවිධ ස්ථානවල සැඟවී වාසය කරන නිසාත් මෙම තත්වය උදාවී ඇති බව සඳහන්.

ඒ අනුව මෙය පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහත් අස්වැසිල්ලක් වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සහ එයින් පසුව විවිධ ස්ථානවල එල්ල කෙරුණු ප්‍රතිප්‍රහාර සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම සැකකරුවන් දහසකට අධික සංඛ්‍යාවක් අත් අඩංගුවට ගැනීමට නියමිත අතර මේ වනවිට ඔවුන් සියලු දෙනාම සිටින ස්ථාන හඳුනාගෙන ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

ඒ අනුව නුදුරේදීම ඔවුන්ව එක් දිනයකදීම අත් අඩංගුවට ගැනෙනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan