රටේ තත්වය සලකා නව ආණ්ඩුවට බාධා කරන්නේ නෑ. හොඳ දේට සහායත් දෙනවා – සුමන්දිරන් (VIDEO)

Date:

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කරමින් නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි ක්‍රියාවක් වන නමුත් රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳ සලකා බලා එම රජයට කිසිදු බාධාවක් තම පක්ෂය විසින් නොකරන බවත් එම රජය ආර්ථික අර්බුදයට විසඳුම් වශයෙන් ගෙනෙන යහපත් ක්‍රියාවන්ට සහාය පළ කිරීමටත් තම පක්ෂය සූදානම් බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ, සුමන්දිරන් මහතා පවසයි.

“අපේ ස්ථාවරය නම් මේක ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ල කරපු පහරක්. මොකද, දැනට ජනාධිපතිතුමාටත් ජනවරම අහිමිවෙලා තියෙන්නෙ. නව අගමැතිතුමාට කවදාවත් ජනවරමක් දීලා නෑ මේ පාර්ලිමේන්තුවට. එතුමා පැරදුණා, කොළඹ දිස්ත්‍රික්කයෙන් අන්තිම ස්ථානයටවත් එයාට එන්න බැරිවුණා. ඒ නිසා මේක ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කරපු ක්‍රියාවක්. හැබැයි රට දැන් තියෙන තත්වය සලකා බලා අපි මේ ආණ්ඩුවට එරෙහිව අපි මොනවත් බාධා කරන්නේ නෑ. ආර්ථික ප්‍රශ්නයට මුහුණ දෙන්නට මේ රජය ගන්න සුදුසු පියවරට අපි සහාය දෙන්නත් කැමතියි. ආණ්ඩුවට සහාය දෙනවා කියලා මම කියන්නෙ නෑ, මේ ආණ්ඩුව ගන්න හොඳ ක්‍රියාවලට අපි අපේ සහයෝගය දෙන්න කැමතියි”

එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ ඊයේ (13) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...