රටේ තත්වය සලකා නව ආණ්ඩුවට බාධා කරන්නේ නෑ. හොඳ දේට සහායත් දෙනවා – සුමන්දිරන් (VIDEO)

Date:

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කරමින් නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි ක්‍රියාවක් වන නමුත් රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳ සලකා බලා එම රජයට කිසිදු බාධාවක් තම පක්ෂය විසින් නොකරන බවත් එම රජය ආර්ථික අර්බුදයට විසඳුම් වශයෙන් ගෙනෙන යහපත් ක්‍රියාවන්ට සහාය පළ කිරීමටත් තම පක්ෂය සූදානම් බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ, සුමන්දිරන් මහතා පවසයි.

“අපේ ස්ථාවරය නම් මේක ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ල කරපු පහරක්. මොකද, දැනට ජනාධිපතිතුමාටත් ජනවරම අහිමිවෙලා තියෙන්නෙ. නව අගමැතිතුමාට කවදාවත් ජනවරමක් දීලා නෑ මේ පාර්ලිමේන්තුවට. එතුමා පැරදුණා, කොළඹ දිස්ත්‍රික්කයෙන් අන්තිම ස්ථානයටවත් එයාට එන්න බැරිවුණා. ඒ නිසා මේක ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කරපු ක්‍රියාවක්. හැබැයි රට දැන් තියෙන තත්වය සලකා බලා අපි මේ ආණ්ඩුවට එරෙහිව අපි මොනවත් බාධා කරන්නේ නෑ. ආර්ථික ප්‍රශ්නයට මුහුණ දෙන්නට මේ රජය ගන්න සුදුසු පියවරට අපි සහාය දෙන්නත් කැමතියි. ආණ්ඩුවට සහාය දෙනවා කියලා මම කියන්නෙ නෑ, මේ ආණ්ඩුව ගන්න හොඳ ක්‍රියාවලට අපි අපේ සහයෝගය දෙන්න කැමතියි”

එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ ඊයේ (13) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...