එපමණයි ඒ මොහොත ….

සුළු මොහොතකට පෙර
ඔබ මෙතැන මා එක්ක
ඒ එබුණු පා ළකුණු
ඔබේ බව රහසක්ව
මගේ ළඟ

හුස්ම ගන්නා මුහුද
රළ මතට පැන පැන
නොකියූ වදන් පෙළ
වෙරළට ගෙන ආව

ඔබට කියන්නට
හැරුණු කළ ඔබ දෙසට
ඇස් පිල්ලමක් යට
ඉර ගිලුනි නිහඬවම

එපමණයි
ඒ මොහොත.

~ ඉන්දිකා උපමාලි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...