ඉරාන යුද්ධයේ උච්චතම අවස්ථාවේදී තමන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රහසිගතව ගිය බව ඊශ්‍රායල් අගමැති කියයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරාන යුද්ධයේ උච්චතම අවස්ථාවේදී තමා ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් හමුවීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රහසිගත සංචාරයක් කළ බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ.

මාර්තු 26 වන දින ඕමාන් දේශසීමාවේ පිහිටි ඕසිස් නගරයක් වන අල් අයින්හිදී ඊශ්‍රායල් අගමැති හා එක්සත් අරාබි එමීර්හි ජනාධිපති පැය කිහිපයක් මුණගැසුණු බව මිට පෙර රොයිටර් පුවත් සේවය තහවුරු කර තිබු අතර ඉරානය සමඟ යුද්ධය අතරතුර හමුදා ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම සඳහා මොසාඩ් අධ්‍යක්ෂ ඩේවිඩ් බාර්නියා අවම වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංචාර දෙකක්වත් කළ බව වෝල් ස්ට්‍රීට් ජර්නලය තහවුරු කර තිබිණි.

මෙම සංචාරයත් සමඟ ඊශ්‍රායලයේ එක්සත් ජනපද තානාපති මයික් හකබි හෙළි කර තිබුණේ, ඊශ්‍රායලය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ තම ගුවන් ආරක්ෂක පද්ධතිය බෙදාගෙන ඇති බවත්, යුද්ධය අතරතුර ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා යකඩ ඩෝම් බැටරි සහ හමුදා විශේෂඥයින් යවා ඇති බවත්ය.

නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යාංශය නෙතන්යාහුගේ එරට සංචාරය පිළිබඳ වාර්තා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එවැනි ප්‍රකාශ “පදනම් විරහිත” බවයි.

කෙසේ නමුත් ඉරානයට එරෙහි ඇමරිකා හා ඊශ්‍රායල් යුද්ධයේදී ඉරානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍ය කටයුතු කළ බවට ඉරානය කරන ලබන චෝදනාවන් හා කලාපිය ඉලක්කයක් වශයෙන් ඉරානය කරන ලද ප්‍රහාර මේත් සමඟ නැවත කතාබහට ලක්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...