ගනේමුල්ලේ සංජීව ඝාතනය : ගම්පහ ඔස්මන් අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ ඒ සඳහා ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් ඔස්මන් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්’ නැමැත්තා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත ඊයේ (13) රාත්‍රියේ ගම්පහ, ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී ගම්පහ ඔස්මන්ඩ් නමැති සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීම සඳහා අවශ්‍ය ගිනිඅවි සපයමින් මෙම සැකකරු එම ඝාතනයට ආධාර අනුබල ලබාදී ඇතැයි අනාවරණය වී ඇති බව සඳහන්.

ඔස්මන් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්’ නැමැත්තා ගම්පහ ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි අයෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රීපීටර් (Repeater) වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 10 ක්, පතරොම් ගැබ් (Magazines) 02 ක් හමුවී ඇත.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ගම්පහ ඔස්මන්ඩ් පිළිබඳ චිත්‍රපටයක් ද මෑත කාලයේදී තිරගත කෙරුණු අතර එය අධ්‍යක්ෂණය කර තිබුණේ ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු වන චමින්ද ජයසූරිය මහතා විසිනි. එම චිත්‍රපටයේ මංගල දර්ශනය සහ ප්‍රචාරක කටයුතු සඳහා ද ගම්පහ ඔස්මන්ට ආරාධනා කර ගෙන්වාගෙන තිබෙනු දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...