*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

රනිල් සහ සජිත් සූත්‍රගත කරමු,

X + Y = 2 යි කියන්නේ සරළ සමීකරණක්.මෙතනදී අපිට X සහ Y වල අගය හොයාගන්න ඕනි නම් තවත් X සහ Y අඩංගු සරළ සමීකරණක් අරන් සමගාමී සමිකරණයක් විදිහට සාධනය කරගන්න ඕනි.X කියන්නේ රනිල්,Y කියන්නේ සජිත් කියලා දේශපාලන සමීකරණයක් ගත්තොත් අපට රනිල්ගේ සහ සජිත්ගේ අගය හොයා ගන්න සමගාමී සමීකරණ සිස්ටම් එකට බෑ.මොකද මේක දේශපාලන සම්කරණයක්. කොහොම උනත් මෙතනදී උත්තර විදිහට එන්න පුළුවන් අගයන් හතරක් තියනවා.

X + Y = 0 කියලා උත්තරයක් එන්න පුළුවන්.ඒ කියන්නේ රනිල් සහ සජිත් දෙන්නගේම වටිනාකම බිංදුවයි කියලා.එහෙම උත්තරයක් ආවොත් රටේ රාළ ඒක වෙන්න පුළුවන් දෙයක් විදිහට පිලිගන්නවා. නැත්තම් එක්කෝ Y යි X ට වැඩිය ලොකු වෙන්න හරි පොඩි වෙන්න හරි පුළුවන්.ඒ කියන්නේ රනිල්ගේ අගයට වැඩිය සජිත්ගේ අගය වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. එහෙම උත්තරයක් ආවත් ඒකත් එන්න පුළුවන් උත්තරයක් විදිහට පිලිගන්න වෙනවා.හැබැයි රටේ රාළ පිලිගන්නේ නැති උත්තරයක් තියනවා.X = Y කියන උත්තරය ආවත් රටේ රාළ ඒක පිලිගන්නේ නෑ.මොකද රනිල් සහ සජිත් කවදාවත් සමාන වෙන්නේ නෑ.රටේ රාළට තියන සුළු ගණිත දැනුම පාවිච්චි කරගෙන රනිල් සහ සජිත් කියන දේශපාලන සමීකරණය සාධනය කරලා මෙහෙම නිගමනයකට ආවා. රනිල්ගේ අගය හැම වෙලේම සජිත්ගේ අගයට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතිකයි.ප්‍රතිලෝම වශයෙන් සමානුපාතිකයි කියන්නේ එකක අගය වැඩි වෙනකොට අනිකේ අගය අඩුවෙනවා.

එහෙමත් නැත්නම් එකක අගය අඩු වෙනකොට අනිකේ අගය වැඩි වෙනවා.ඒ කියන්නේ රනිල්ගේ අගය අඩු වෙනකොට සජිත්ගේ අගය වැඩි වෙනවා.නැත්තං සජිත්ගේ අගය අඩු වෙනකොට රනිල්ගේ අගය වැඩි වෙනවා.මේ දෙන්නටම අදාල සූත්‍රය තමයි ඒක.රනිල් සහ සජිත් කියන දේශපාලන සමීකරණ සාධනය වෙන්නේ එහෙමයි.නිකං හිතන්නකෝ සජිත් එජාපය ඇතුලේ ඉදන් රනිල්ගේ නායකත්වයට අභියෝග කරන කොට සජිත් යෝධයෙක්.ජනාධිපතිවරණයෙන් පස්සේ එජාපය දෙකඩ කැඩෙද්දී එජාප බලවේගයෙන් 90% ක් සජිත් කඩා ගෙන යද්දී රනිල්ට ඉතිරි උනේ 10%යි.සජිත් රාජපක්ෂලා ඉදිරියේ පරාජිතයෙක් උනාට රනිල් ඉස්සරහා ජයග්‍රාහකයෙක් වුනා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සජබය පාර්ලිමේන්තු මන්ත්‍රීධුර 54 ක් ගනිද්දී එජාපයට ජාතික ලැයිස්තුවෙන් විතරයක් මන්ත්‍රීධුරයක් හම්බවුනා.සජිත් ගලිවර් කෙනෙක් වෙද්දී රනිල් පුංචි ලිලිපුට්ටෙක් වුනා.

දැන් ඔයාලට තේරෙනවා ඇති රටේ රාළ රනිල් සහ සජිත් සූත්‍රගත කරපු විදිහේ අවුලක් නෑ කියලා. එක්කෙනෙක්ගේ අගය වැඩි වෙනකොට අනිකාගේ අගය අඩුවෙනවා.ඊළගට සිද්ධ වුනේ ඒ ක්‍රියාවලියේම අනිත් පැත්ත.ඒ කියන්නේ රනිල්ගේ අගය වැඩි වෙනකොට සජිත්ගේ අගය අඩුවීම. රට දැවැන්ත අර්බුදයකට ගිය වෙලාවේ රට බාරගන්න කියන ඉල්ලීම ඉස්සෙල්ලම ආවේ සජිත්ට. ඒ ඉල්ලීමට බයේ සජිත් පැනලා ගියා.ඒ වගේම ඒ ඉල්ලීම සජිත්ගෙන් පස්සේ තවත් කීපදෙනෙකුට ඉදිරිපත් වුනා.හැබැයි රට බාරගන්න ඒ කාටවත් ධෛර්යයක් තිබුණේ නෑ.අන්තිමට ඉල්ලීම රනිල්ට ආවට පස්සේ රනිල් දෙපාරක් නොහිතා රට බාරගත්තා. ඒ අනුව රනිල් ගෝඨාභය ආණ්ඩුවේ අගමැති බවට පත්වුනා.එදා රනිල්ගේ අගය එකපාරට ඉහල ගියා.සජිත්ගේ අගය එක පාරට පහල ගියා.රනිල් එදා ඒ පියවර තිබ්බ නිසා අද රනිල් මේ රටේ ජනාධිපති.රනිල් ජනාධිපති බවට පත්වීම එජාප,සජබ පාක්ෂික බලවේග දැක්කේ විශ්වකර්ම වැඩක් විදිහට.

එතනදී ආයෙත් රනිල්ගේ අගය වැඩි වෙලා සජිත්ගේ අගය අඩුවුනා. රාජපක්ෂලා විසින් විනාශ කරපු රට රනිල් ක්‍රමයෙන් සන්සුන් කලා.ඒ දක්වා තිබුණ පෝලිම් රනිල් නැති කලා.පෝළිම්වල මිනිස්සු මැරිලා වැටුන යුගය රනිල් ඉතිහාසයට එක් කළා.රනිල් IMF ගිහින් සහන ණය අරන් ආවා.දැන් පළවෙනි වාරිකය අරගෙන දෙවෙනි ණය වාරිකය බලාපොරොත්තුවෙන් ඉන්නවා. රනිල් මේ දක්වා ගත්ත දේශපාලන තීරණය හරි හෝ වැරදියි වෙන්න පුළුවන්.කොහොම උනත් රනිල්ගේ මේ දේශපාලන තීරණ විසින් රනිල්ට සජිත් අභිබවන දේශපාලන පෞරුෂයක් ගෙනත් දීලා තියනවා. පහුගිය කාලේ නිර්මාණ උන දේශපාලන ක්‍රියාවලිය ඉස්සරහා සජිත් හැසිරුණ විදිහෙන් සජිත් ගැන තිබුණ විශ්වාස බරපතල විදිහට බිඳිලා ගියා.අද සජබ පාක්ෂිකයෙකුට උනත් ඊළග ජනාධිපතිවරණයට සජිත් ඉදිරිපත් වෙයිද නැද්ද කියන සැකය තියනවා. සජිත් අන්තිම මොහොතේ වැඩේ අතාරීද කියන බය එයාලටත් තියනවා.

සජිත් පෞද්ගලිකව නං තවම ජනාධිපතිවරණ ගේම් එක අතෑරලා නෑ.සජිත් විපක්ෂයේ එකතු කරන්න පුළුවන් කණ්ඩායම් එකතු කර ගනිමින් පොදු හැඩයක් පෙන්නන්න හදනවා.ඇත්තටම ඒකත් අමු බොරුවක්.සජිත් එක්ක සාකච්ඡා කරන ගොඩක් පක්ෂ සජිත් පොදු අපේක්ෂකයා විදිහට පිලිගන්න එකඟ නෑ.ඩලස්ලගේ ඔළුවේ තියෙන්නේ සජිත් ගැන නෙවෙයි. ඩලසුත් පොදු අපේක්ෂක සිහිනයේ ඉන්න කෙනෙක්.ඩලස් දැනට කරන්නේ ජීඑල්ව ඉස්සරහට දාලා ඩලස්ගේ ඉඩ තියාගන්න ජීඑල්ට පුටුවක් අල්ලලා දෙන්න හදන එකයි. ශ්‍රිලනිප මෛත්‍රි ඉදිරිපත් කරනවා කියලා ඉවරයි. විමල්ලා, ගම්මන්පිලලා තවම ඉන්නේ අතරමං වෙලා.ගම්මන්පිල නං රනිල්ටත් සිග්නල් දාන බව පේනවා. ගම්මන්පිල තැන් කීපයකම කියලා තියෙන්නේ එයා ලිබරල් ජාතිකවාදියෙක් කියලා. ලිබරල් කෑල්ල දාගෙන එනකොට ගොනා හැරෙන්නේ පොල් පැලයට බව අපට නං තේරෙනවා.මෙතනදී චම්පික සජිත්ට එකඟ වෙන්න තියන ඉඩ ගොඩක් අඩුයි.මොකද චම්පික සජබය ඇතුලේ සජිත්ගේ කෙනිහිලිකම්වලට ලක්වුණ කෙනෙක්.

ෆොන්සේකා උනත් වෙනත් විකල්පයක් තියනවා නම් සජිත් අතාරින්න තියන ඉඩ වැඩියි. දැනටමත් වෙල්ගම රනිල්ගේ වෙලා. ඒ වගේම සජිත්ට වඩා ජනාධිපති අපේක්ෂකත්වයට තමන් සුදුසුයි කියලා චම්පික සහ ෆොන්සේකා දෙන්නම හිතනවා.රනිල් සහ රාජපක්ෂ කදවුර අතර නිර්මාණ වෙන ගැටුමත් පෙරලා සජිත්ගේ අගය පහල යන්න බලපානවා. මොකද සජිත් දිගටම හදන්නේ රනිල් සහ රාජපක්ෂලා එක කදවුරකට බව පෙන්නන්න. ගොඩක් වෙලාවට සජිත්ගේ කණ්‌ඩායම කියන්නේ ඊළග ජනාධිපතිවරණයට එජාප, පොහොට්ටු සන්ධානයක් එනවා ඒ කදවුරේ ජනාධිපති අපේක්ෂකයා රනිල්,අගමැති අපේක්ෂකයා බැසිල් කියලා.රනිල් හා බැසිල් කදවුර අතර නිර්මාණ වෙන ගැටුම විසින් සජිත්ලගේ මේ කතාව බොරුවක් බව ඔප්පු වෙනවා.මොකද අද දෙකට බෙදිලා හිටියත් පැරණි එජාප සාමාජිකයාගේ පොදු හතුරා උනේ රාජපක්ෂලා මිසක් රනිල් නෙවෙයි.රාජපක්ෂ කදවුරෙන් රනිල්ට අසාධාරණ ප්‍රහාරයක් එල්ල වෙනවා නම් ඒ ප්‍රහාරයේ ස්වභාවය අනුව සජබ බලවේගයේ චලනයක් වෙන එක නවත්තන්න බෑ.

සජිත් රනිල් ගැන හදපු චිත්‍රය ඒ විදිහටම පිලිගන්න දැන් ගම් මට්ටමේ සජබ බලවේගයවත් සුදානම් නෑ.ඒවා සියල්ල බොරුවෙලා ඉවරයි.අද සජිත් සහ රනිල් සන්සන්දනය කරන කෙනෙකුට පේන්නේ සජිත් කියපු කතාවල අනිත් පැත්ත.ඇත්තටම සජිත්ට තමයි බැරි.සජිත් බලය ගන්න බයයි.සජිත් දුර්වල නායකයෙක්.ඒ වගේම රනිල්ටත් වඩා සජිත් උන්නතිකාමී නායකයෙක්.සජිත් පාර්ලිමේන්තුව ඇතුලේ උනත් සජබ නායකත්වයන් මතු කරන්නේ නෑ.කරන කියන ඕනි දෙයක් සජිත්ම විතරයි.මේ තත්වය යටතේ සජිත්ට කරන්න තියෙන හොඳමදේ වෙන්නේ විපක්ෂය පොදු සම්මුතියකට ගෙනත් වෙනත් පොදු අපේක්ෂකයෙකුට ඉඩ දෙන එකයි.සජිත් එහෙම ඒකට එකඟ වෙන්නේ නෑ. සජිත්ගේ බලාපොරොත්තුව පොදු අපේක්ෂකයා වෙන්න.හැබැයි සජිත්ට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙන්න කවදාවත් බෑ. දැන් සජිත් ඉන්නේ අනුරට වඩා දශමයක් හරි පිටිපස්සෙන්. අනුරගේ දේශපාලනයට රටේ රාළ හීනෙන්වත් එකඟ නෑ.

හැබැයි අනුර සහ සජිත් සන්සන්දනය කළොත් සජිත්ට වඩා අනුර ඉදිරියෙන් ඉන්නවා.අනුරට අභියෝග කරන්න පුළුවන් අපේක්ෂකයෙකුට සජිත් කවදාවත් ඉඩ දෙන්නේ නෑ.ඒ අතින් නම් සජිත් අනුරට මාර උදව්වක් තමයි කරන්නේ.රනිල් සජිත් සූත්‍ර සාධනය කරපු රටේ රාළට ඊළගට තියෙන්නේ සජිත් – අනුර දේශපාලන සමීකරණ සාධනය කරන්න.ඒක වෙන දවසක කරමු.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan