‘මුල්ලිවයික්කාල් කංජි’ අනුස්මරණයට බාධා කිරීමට එරෙහිව පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධයක්!

Date:


කොළඹ LNW:පසුගිය 12 වෙනිදා රාත්‍රියේ යුද්ධයේ වින්දිතයින් අනුස්මරණය කරන පිළිවෙත් අතරතුර, සවුකන්ජි බෙදා හැරීම නිසා නිවෙස්වලට කඩාවැදී, හිංසා කරමින් කාන්තාවන් තිදෙනෙක් සහ එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමට අදාළ, සාම්පූර්වල සිදුවූ සිදුවීමට විරෝධය පළකරමින් අද කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී විරෝධයක් සංවිධානය කර තිබුණි.

මෙවැනි සිදුවීම් යළි යළිත් සිදුවනු දැකීමෙන් අතුරුදන්වූ පවුල්වල මවුවරු, බිරින්දෑවරු ලෙස සහ පොදුවේ මේ රටේ කාන්තාවන් ලෙස මහත් කම්පාවටත්, පීඩාවටත් ලක්ව සිටින බවයි විරෝධයට එක්වූවන් පැවසුවේ.

සිය සමීපතමයින් අනුස්මරණ අයිතියට පොලීසිය අත තැබීම තරයේ හෙළාදකින බවද ඔවුන් අවධාරණය කරයි.

මෙරට යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනයා සිහි කිරීමේ මුල්ලිවයික්කාල් සතියේ ප්‍රධාන සංකේතාතම කටයුත්තක් වන ‘මුල්ලිවයික්කාල් කංජි’ හෙවත් කැඳ බෙදා දීම ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතර යුද්ධය අවසන් කාලයේ දී රජය විසින් නම් කළ යුද මුක්ත කලාපයේ සිර වී සිටි දෙමළ ජනයා ආහාර සඳහා ගනු ලැබුවේ මෙම කැඳ වර්ගය නිසා එය සිහි කිරීමේ අරමුණින් සෑම වසරක මැයි මස 11 වනදා සිට 18 වනදා දක්වා උතුරු – නැඟෙනහිර ප්‍රදේශවල කැඳ බෙදා දීමේ වැඩසටහන් සංවිධාන කෙරෙයි.

එහෙත් මේ සඳහා අධිකරණයෙන් තහනම් නියෝග රැගෙන පොලිසි විසින් අදාළ වැඩසටහන් වළක්වාලන බවයි චෝදනා කෙරෙන්නේ.

පසුගිය ඉරිදා (12) වනදා රාත්‍රීයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර් ප්‍රදේශයේ මෙම කැඳ බෙදා දුන් බවට චෝදනා කරමින් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිට විවිධ බාධා සහ බියවැද්දීම් සිදුවන බව වාර්තා වෙමින් තිබෙන අතර 12 රාත්‍රීයේ සාම්පූර් චේනයූර්හී ප්‍රදේශයට කඩාවැදුණු සාම්පූර් පොලිසියේ නිලධාරින් විසින් අධිකරණ නියෝග අතැතිව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/665/Protest-in-front-of-police-headquarters-against-disruption-of-Mullivaikkal-Kanji-memorial

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...