*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ලංකාවේ කුහකකම්වලට මේස පන්දු පරාජයක්

සටහන – නිශ්මං රණසිංහ

මැයි 15, කොළඹ (LNW):

දකුණු ආසියානු කළාපයේ මේස පන්දු පිටියේ අධිරාජ්‍ය දරාගෙන සිටින්නේ ඉන්දියාවය.යාන්තමින් හෝ ඔවුන් කොනහා ගියේනම් ඒ ශ්‍රී ලංකාවය.එහෙත් කාලයත් සමඟ එම අවස්ථාව ශ්‍රී ලංකාවෙන් දුරස්ව තිබෙන බව මෙවර ශ්‍රී ලංකාවට මේස පන්දු ක්‍රීඩාවෙන් ඔලිම්පික් සඳහා එකතු වෙන්නට ලැබුණ අවස්ථාව නේපාලය සහ මාල දිවයිනට යාමෙන් පැහැදිළි විය.
කාලයත් සමඟ ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩාව වෙනත් රටවලට සාපේක්ෂව දුර්වල වී තිබෙන බව මේ පරාජයන්ගෙන් පැහැදිළි කර ගැනීමට මේස පන්දු පරිපාලනයේ තමන් ගෙවූ වසර ගණන් ගැන පුරසාරම් කියන පිරිස් අවබෝධ කර ගන්නේනම් වැදගත්ය.ශ්‍රී ලංකාවට සතුටු වෙන්නට තිබෙන එකම දේ පළමු වරට ඔලිම්පික් නියෝජනය සඳහා දකුණු ආසියාවෙන් (ඉන්දියාව හැර) පවත්වන ලද තරගායලියේ ඔලිම්පික් වරම් ලැබූ ක්‍රීඩිකාව වන්නට ශ්‍රී ලංකාවේ උපත ලද ක්‍රීඩිකාවකට හැකිවීමය.


ඇය ෆාතිමාත් ඩීමා අලී ය.මාල දිවයිනට ඇය එම ගෞරවය දානා දුන්නත් ඇය 2022 දක්වාම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබූ සහ ශ්‍රී ලංකාව වරක් නියෝජනයට ද සුදුසුකම් ලැබූ ක්‍රිඩිකාවක්ය.එහෙත් පසුව ඇයට ජාතික සූරතාවලිය පමණක් නොව ශ්‍රී ලංකාවේ අනෙතුත් ප්‍රධාන තරගාවලිවලද දොර වසමින්,එවකට ක්‍රිඩා අමාත්‍යරයාව සිටි දයාසිරි ජයසේකරට නොනවත්වා පෙත්සම් එවමින් අලීගේ අයිතිය මාල දිවයිනට යොමු කර දෙන්නට අවශ්‍යය පරිසරය සකස් කරන්නට වූවේය.

කුඩාම අවදියේදී රෝයල් ඉන්ස්ටිටියුට් හී දී ඇගයීම් ලබමින්


අද ඊට ප්‍රති උත්තර දුන් අලී අවසන් පූර්ව තරගයේ දී තමන්ගේ පුහුණුකරුවාගේ බිරිඳ වන ඉෂාරා මධුරංගි ද,අවසන් තරගයේ දී බිමන්දි බණ්ඩාර ද පරාජයට පත් කළාය.බිමින්දි මූලික වටයේ දී ද පරාජය කර සිටි නිසා අලි ඇයට වඩා විශ්වාසයෙන් මුහුණ දුන්නාය.පළමු හමුවීමේදී අලී සහ බිමන්දි අතර හමුව වට 4-3 ක් ලෙස අලිට ජය ලැබෙමින් නිමා වුව ද,අවසාන තරගයේදී අලී සිය විශ්වසනීයත්වය තදින් පෙන්නම් කළාය.එහි ජය වාර්තා වූවේ වට 4-1 ලෙසය.ලකුණු තත්ත්වය වූයේ 11 – 8,8-11,13-11,11-7 සහ 11 – 5 ක් ය.

කොවිඩ් මොහොතේදී ද ඇය ශ්‍රී ලංකාවේ


අවසානයේ තීරණාත්මක මොහොතේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට පමණක් දෙවන වූ ඉතිහාසයේ කීර්තියද සිඳ දමමින් ලංකාවේ ඉපදුණු,ලංකාවේ කෙණහිලිකම් නිසා ලංකාවට අහිමි කරගත් ෆාතිමාත් ඩීමා අලි මාල දිවයින ධජය යටතේ ඔලිම්පික් සුදුසුකම් ලැබුවාය.සතුටට ඇත්තේ ඇය ලංකාවේ ඉපදී,2022 දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අනුග්‍රහයෙන් විශේෂ පුහුණුවකට ක්‍රෝඒෂියා යන තෙක්ම ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්ගේ දැණුම යටතේ පුහුණුවීමය.ඒ අතරත් ඇය ශ්‍රී ලංකාව නියෝජනය කළාය.මාල දිවයින නියෝජනය කරමින් ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙනාවාය.එවිටත් ඇයගේ පුහුණුකරුව සිටියේ ඇය අද පරාජය කළ මධුරංගි ගේ සැමියා වන රොහාන් සිරිසේන ය.එහෙත් ඊට වඩා පසුතැවීමටත් ලැජ්ජා වීමටත් ඇති කාරණා බරපතලය.ඒ ලංකාව විසින් ඇය උගුල් අටවා මෙරට මේස පන්දු පිටියට පා තැබීමට නොදී එලවා දැමීම නිසාය.දැන් ලෝකය කුඩා නිසා එසේ අසාධාරණ ලෙස ඉවතට දමන බොහෝ අයට ලෝකයේ සිය දක්ෂතාවයට බිමක් ඇති බව අලී කියා දෙන්නේ පැරිස් ඔලිම්පික් උළෙලට සිහ ධජය වෙනුවට මාල දිවයින ධජය ඔසවාගෙන යාමේ භාග්‍යය එරටට දිනා දෙමින්ය.


පිරිිමි අංශයේදී තත්ත්වය ඊටත් වඩා දරුණු විය.අවසාන පූර්ව වටයේදීම ශ්‍රී ලංකාව නියෝජනය කළ චමීර ගිණිගේ සහ ප්‍රසාද් ජයසංඛ පිළිවෙලින් නේපාල තරගකරුවන් වූ ශ්‍රේෂ්තා සන්ටෝ ට සහ සන්යොග් කපාලි ට පරාජය විය.අවසාන තරගයේ දී නේපාලයේ ධජය ද පැරිස් යන මේස පන්දු නියෝජනයක් බවට පත් කිරීමේ භාග්‍යය සන්ටෝ උදා කර ගත්තේය.
වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා මේස පන්දුව දක්ෂතාවලින් ඉහළ නොගිය බව කියන්නට නොහැකිය.එහෙත් සෙසු රටවල් ඊට වඩා පියවර ගණනාවකින් ඉදිරියට ගොස් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් ඇත.දැන් කාන්තා අංශයෙන් ශ්‍රී ලංකාව සිටින්නේ ඉන්දියාවට පමණක් නොව මාල දිවයිනට ද පසු පසින්ය.පිරිමි අංශයේදී ඉන්දියාවට පමණක් නොව නේපාලයට ද පසුපසින්ය.ඉන්දියාව අභිබවා යාමේ සිහිනයෙන් වෙලී සිටි ලංකාවේ මේස පන්දුව දැන් තවත් රටවල් පසුකර යාම දක්වා සිය සිහිනවල වර්ගපලය පළල් කරගෙන ඇත.ඊට වගකිවයුත්තන් කවුරුත් නැද්ද?ඔවුන් හෙට ද ලංකාවේ මේස පන්දුවේ තමන්ගේ නිලධාරි ඉතිහාසය ලැන කියමින් කට පළල් කර හිනැහෙනු ඇත.ක්‍රීඩාව ලෝකයට සාපේක්ෂ කෙමෙන් පුංචි වෙමින් තිබෙන බව මේ ප්‍රතිපලයෙන් හෝ පැහැදිළි කර ගනිමින් මේ වැටීමට හේතු හොයන්නට ක්‍රීඩා බලධාරීන් උත්සාහ නොගතහොත් හෙට ලංකාවේ මේස පන්දුවට දකුණු ආසියාවේ පහළ අඩියේම නැවතී ඉහළ බලා ඉන්නට හැකියාව ලැබෙනු ඇත.
මේ වන විට ශ්‍රී ලංකා සම්භවයක් ඇති ලාංකිකයන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සෙවීම ජයටම කෙරී ගෙන යන වැඩ සටහනකි.එහි ජයග්‍රාහී ප්‍රතිපල අප ශ්‍රී ලංකාවේදීම පාපන්දු තරගාවලියක් තුළ භුක්ති විද ඇත.එහෙත් මේ ආකාරයට ලංකාවේම ඉපදුණු ක්‍රීඩිකාවකට පලයන් අම්මල තාත්තල උපන් රටට කියා පල නොකියා පලා බෙදා ශ්‍රී ලංකාවට අහිමි කර ගත් මේ අවස්ථාව වැටෙන්නේ ලේවලින්ම එන කුහකකමටය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan