දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට ශ්‍රී ලංකාව – ජනපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 15, කොළඹ (LNW): තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසුවේ, පසුගිය වසර 02තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි.

දූෂණය පිටුදැකීම වෙනුවෙන් ද විප්ලවීය පියවර රැසක් ගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවද හොරු ඇල්ලීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය වසර දෙක තුළ නව නීති රැසක් ගෙන ආ බවයි .

දුෂණය දේශපාලන සටන් පාඨයක් කර ගත් යුගය නිමා කර නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනගන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...