*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සිංගප්පූරුවෙන් එන ලයිට් නගරයට පමණක් කිරි බෙදන ව්‍යාපෘතියක් වෙයිද?

සටහන – නිශ්මං රණසිංහ

මැයි 15, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව වඩා ආකර්ශණීය සහ ආස්වාදජනක ලෙස ජනතාව අතරට ගෙන යාමට රාත්‍රී කාලයේ රගර් ක්‍රීඩාව පැවත්වීම කෙරෙහි අවාධානය යොමු කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිංගප්පූරුවෙන් ජංගම ආලෝක පද්ධතියක් ආනයනය කරන්නට බලාපොරොත්තු වන බව පැවසීය.ඒ අනුව දැනට විදුලි ආලෝක පද්ධති නොමැති ක්‍රීඩා පිටිවල ද තරග පැවත්වීම අරමුණු කර ගනිමින් ක්‍රීඩා අමාත්‍යරයා මේ අදහස ඉදිරිපත් කළ ද,දැනට ඉහළ මට්ටමේ සිටින ක්‍රීඩා සමාජ රග්බි පරිපාලනයට බලපෑම් කරමින් සිටින්නේ ප්‍රාදේශීය රග්බි පරිපාලනයන් අඩපන කර ක්‍රීඩා සමාජ මත බලය රඳවා ගැනීමේ වැඩ පිළිවෙලක්ය සඳහාය.

මේ මොහොත වන විට රගර් ක්‍රීඩාවට උපකාර කරන ශ්‍රී ලංකා ක්‍රිකට් දෙස බැලුව ද,ක්‍රිකට් පවතින්නේ ප්‍රාදේශිය වශයෙන් ජාතික මට්ටම ඔප දමමින් තිබෙන ව්‍යහුයකය.විශේෂයෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව උදාහරණයකට ගත හැකිය.ජංගම ආලෝක පද්ධතියක් ශ්‍රී ලංකාවට එන්නේ නම් රගර් ක්‍රීඩාවේ උද්වේගකර ආස්වාදය ගමට රැඟෙන යමින් ප්‍රාදේශිය පරිපාලන තව දුරටත් ශක්තිමත් කරමින් ගමේ රගර් නංවන්නට හැකියාව තිබෙන බවත්,ශක්තිමත් දේහධාරී ජවසම්පන්න සිරුරු ගම් මට්ටමෙන් සොයා ගැනීමේ හැකියාව කෙතරම් දුරට සාර්ථක කර ගැනීමට හැකි ද යන්නත්,බදුල්ලේ දේශපාලනයෙන් මහජන නියෝජිත ගමන ආරම්භ කළ හරීන් ප්‍රනාන්දුට අමුතුවෙන් කිව යුතු නැත.

එසේම ශ්‍රී ලංකාවේ වතු වගාවේ ව්‍යාප්තිය සමඟ පැවති රගර් ඉතිහාසයේ ලිඳුල,බදුල්ල,තල්දූව ප්‍රදේශවල තිබුණු රගර්වල දීප්තිය මැකී රගර් කොළඹ කේන්ද්‍රීය වීම නැවත වෙනස් කිරීමේ අවශ්‍යයතාවයද පැහැදිළි කර ගත යුතුය.මේ තත්ත්වය ඇති කර රගර් ව්‍යාප්තියට අවශ්‍යය වැඩ සටහන් ගණනාවක් පවතින රගර් පරිපාලනය යටතේම ඉවත් වුණු සභාපති ඉල්ලියාස් නායකත්වය දෙමින් ක්‍රියාවට නැංවීය.ඒ අනුව කුරුණෑගල,ගාල්ල වැනි ප්‍රදේශ වැනි කොළඹින් පිටත තරග පැවත්වීම මෙන්ම ශ්‍රී ලංකාවේ කාන්තා රගර් ක්‍රීඩාව වෙනුවෙන් ඊට උචිත සිරුරු සංචිතයට තෝරා ගැනීම සඳහා මූලික සැළසුම් ද ක්‍රියාවට නැංවීය.ඒ වෙනුවෙන් පෙනී සිටි සහ ආසියානු සභාපතිවරයා සහ මෙරට දේශපාලන බලධාරීන් ඊට අකුල් හෙළන විටත් ඊට එරෙහිව නැඟී සිටි පුද්ගලයන්ගෙන් කිසිවෙක් වෙනස් නොවී හිටපු සභාපතිවරයා පමණක් බලය අතහැරීමත් සමඟ සිඳු වී ඇති වෙනසනම් අඳමිටු බලවේග ඉදිරියේ රගර් පරිපාලනයේ වත්මන් මුහුණුවර සුවච කීකරු හැසිරීමක් ප්‍රදර්ශනය කිරීමය.

තැනින් තැන ගෙන යා හැකි ආලෝක පද්ධතියක් යොදාගෙන පවත්වන රගර් තරගයක්

මේ තත්ත්වය මත නිලවරණ පමා කරමින්,ව්‍යවස්ථාව වෙනස් කර ප්‍රාදේශිය බලය කප්පාදු කරමින් සහ ශ්‍රී ලංකා රගර්වල ගිණුම් සිඳ දැමූ,ශ්‍රී ලංකාවට අපකීර්තිමක් ඉතිහාසයක් එකතු කෙරූ පුද්ගලයන්ට නැවත රගර් පරිපාලනයේ දොර හැරීමට ඉඩ විවර වෙමින් ඇත.එවැනි තත්ත්වයක අමාත්‍යවරයාට කරන්නේ නම් ඕනෑම දේශපාලන ඉසව්වකට රගර් යොදා ගෙන ණය වී හෝ වැඩ කරන මිනිසුන් ටිකක් ලැබෙනු ඇත.රගර් ණය යළිත් ඉහළ යනු ඇත.හිටපු සභාපතිවරයා යටතේ ණය බර සැහැල්ලු වූ බව මේ සිටින පරිපාලනයම පිළිගත්ත ද දැන් ඒ බර ගැන කතා කරන්නේ නැතුවා මෙන්ම බර ඇති කර අය සමඟ කඳේ දමාගෙන වැඩ කිරීමද ජයට සිඳුවෙමින් ඇත.එසේම නැවත ණය බර වැඩි වී ඇද්ද නැද්ද යන්න ද කිසිවෙක් නොදන්නේ ඒ ගැන රගර් පරිපාලනය කිසිවක් නොකියන බැවින්ය.
ඒ නිසා අමාත්‍යවරයා ජංගම ආලෝක පද්ධතිය ගෙන ඒමට පෙර එහි විදුලි බල්බ ද ගලවාගෙන ගොස් පුංචි පුංචි තැන්වල තමන්ගෙ ඇකඩමි අස්සේ රාත්‍රි පුහුණුවීම් කළ හැකි මිනිස්සුද,ලෝක මට්ටමෙන් දඩ මුදලක් වඳින්නට හැකි ආකාරයට ලංකාවේ රගර්වලට ජාත්‍යන්තර අපකීර්තියක් ගෙනා පිරිස් ද ඈත් කර රගර් සුද්ධ කිරීමේ වැඩ සටහනක් කළ යුතුය.එසේම ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකාවේ රගර් සමඟ ගැටළුව ඇත් කර ගත්තේ නිලවරණයේ දී ඡන්දය නොදීම නිසාය.ඒ ගැන ඉතාම හොඳින් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා දන්නේ ඔහු එවකට ඇමතිව සිටි බැවින්ය.

ජංගම ආලෝක පද්ධතියක උපාංගයක්


අන්තිමට ආසියානු සභාපතිවරයා ලංකාවේ ක්‍රීඩා ඇමතිවරු මෙන්ම වරදාන වරප්‍රසාදවලට රට පාවා දීමේ ඉතිහාසය අලුත් කරමින් රටේ රගර් පාවා දී හෝ තමන්ට රැස් වළලු හයි කර ගැනිමේ කැමත්ත ඇති ලාංකිකයන් ද එකතු කර ගෙන ශ්‍රී ලංකාවේ රගර්වලට අවශ්‍යය විනය කැටුවේය.ඊට එරෙහිව සභාපතිට යන්න පාර කැපුවේ රටේ දේශපාලන බලධෘරීන් ද හවුල් කර ගෙනය.දැන් ආයෙත් හොර මුල ළගට වැටුණු ගිරව් ඇමති සත්භාවයෙන් කරන්නට හදන රගර් නැංවීමේ ව්‍යාපෘති අතර පියඹන්නට පටන් ගෙන ඇති බව පැහැදිළිය.එවා පලවලට හානිකර තත්ත්වයක්ය.ඒ නිසා අධීක්ෂණයට හොඳ ටකයක් අවශ්‍යය වන්නේය.

රජයකට ඊට පෙර බලයේ සිටි රජයක් කළ ගොන් වැඩවලට වන්දි ගෙවීම පැහැර හැරීම කළ නොහැකිය.එසේම සිඳු වි ඇති වරදවල් නිවැරදි කිරීම මෙන්ම වරදකරුවන් හට දඬුවම් කිරීම කළ යුතුය.දේශපාලනික වශයෙන් අසාධාරණකම් සිඳු වූ දක්ෂයන් නොසළකා හැරීම් නිවැරදි කළ යුතුය.ක්‍රීඩාවේද තත්ත්වය එබඳුය.වැරදිකරුවන් කා යටතේ ආරක්ෂා වුව ද හඳුනාගත් සැනින් පාලනය යහපත්නම් පරීක්ෂණයක් කර ඉවත් කළ යුතුය.එසේම නිවැරදි පුද්ගලයන්ට දේශීය වේවා ජාත්‍යන්තර වේවා නිවැරදි පරීක්ෂණයක් කිරීමට මැදිහත් විය යුතුය.එය අනවශ්‍ය්‍ය අතපෙවීමක් හෝ ජාත්‍යන්කර ප්‍රමිතීන් උල්ලංඝණය කිරීමක් නොවන්නේය.සාධාරණ විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් සහ එහි තීරණ විධිමත්ව සහ ලිඛිතව ඉදිරිපත් කිරීම ලොවම පිළිගත් ක්‍රමය වන්නේය.
තව කෙනෙක් කළ වැරදි රැකීම නොව ඒවා නිසි පරිදි නිවැරදි කිරීම පාලනයේ ස්වභාවය කර ගත යුතුය.හමුදා නිලධාරීන් සිටීනම් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වැඩ කලාව රිවස් බවට ඇතැමුන් කරන චෝදනා නිවැරදි නැති බව අපි අත්දැකීමෙන් දනිමු.එය රගර්වලදී ද වෙනස් නොවන බව ඉදිරියේදී ඔහු විසින් මෙන්ම අමාත්‍යවරයා ද පෙන්වා දෙනු ඇත.ඒත් එයට තවම නිසි ආරම්භයක් ලභා ගෙන නැතුව රගර් සම්බන්ධ ගැටළු එක තැන පල් වෙන්නට හැර එවා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ලෙස හඳුන්වනවානම් ක්‍රීඩා අමාත්‍යංශයක් යන්න මේ රටට අනවශ්‍යය වියදමක් පමණක් වනු ඇත.

කාට හෝ දඬුවම් කිරීමට,තහනම් කිරීමට ඉල්ලා සිටින්නේ නැත.හරි විදිහට පරීක්ෂණයක් කරන්න යන්න අපේ ඉල්ලීමය.උදාහරණයකට අපි ලෝක සම්මේලනය විසින් පැන වූ පවුම් 50000 ක දඩයක් ගෙවයි.එම දඩය වැරදි තීරණ ගත් නිලධාරීන් විසින් පියවන්නේ නැතුව සංවර්ධනයට ලෝක සම්මේලනය දෙන මුදලින්ම අඩු කර ගන්න කියා යෝජනා කර තිබෙන්නේ ද වැරද්ද කළ නිලධාරීන්ය.ඇත්තටම දඩයක් ගෙවන්නේ ඇයි?කවුරුන් නිසා ද?තවම ක්‍රීඩා අමාත්‍යංශය හෝ සංවර්ධන දෙපාර්තමේන්තුව ඊට අතවත් තියා විමසා බලා නැත.එය නොකළ යුතු දෙයක්ද? ක්‍රිඩා අමාත්‍යවරුන් සහ ක්‍රීඩා අමාත්‍යංශය රටක් වරදක් කළ බව කියා ලෝකය විසින් කළ තීරණයකට දඩයක් ගෙවද්දී එම වරද ගැන නො’සොයා සහ එම වරද කළ අයට තව දුරටත් ආරක්ෂිතව පිණුම් ගැසීම සඳහා මෙට්ට එලා දීම සිඳු කරන්නේ ද?

එසේම ක්‍රීඩා ඇමතිට ජංගම විදුලිබල පද්ධතිය ගෙනෙන අතරේම එය කොළඹ ක්‍රිඩා සමාජ කිහිපයක් සහ නුවර ක්‍රීඩා සමාජයකට උරුම කර දී මේ රටේ රගර් ගොඩ නඟන්න බැරි බව තේරුම් ගත යුතුය.රටේ ක්‍රීඩාවට අදාළ ජාතික සැළස්ම ගමට බලය සහ ලගමේ හැකියාව ගෙන ඒමේ අරමුණෙන් සකස් වී ඇති එකක් බව කීම වචනවලට විතරක් තබා නොගෙන ක්‍රියාත්මක කරන්නට හොඳ අවස්ථාවක්ය.ලෝකයේ ඕනෑම පරිපාලනයකට රටක ජාතික සැළැස්ම ඉක්මවා තීරණ ගැනීම කළ නොහැකිය.ගැටීමක් නොවන්නට ඔවුන්ගේ නිර්නායක රටේ ජාතික සැළසුම අතරේ කියා කරවන ආකාරය ගැන සාකච්ඡාවක් කර එකඟතාවයකට ඒම වඩාත් නිවැරදි ක්‍රමය වන්නේය.ඒ අනුව රටේ රගර් අත් විහිදා වැඩෙන නිදහස් පරිසරයක් සැකසීම සඳහා මහන්සීවීම වළක්වා ක්‍රිඩා සමාජ කිහිපයකට හිර කර ගැනීමට දරන උත්සාහය තව දුරටත් ආසියානු සභාපතිට ශ්‍රී ලංකාවේ රගර්වලට බලපෑම් කරන්නට පාර සකසා දී සව්දිය පුරන්නට බලා සිටින පාවා දෙන්නන්ගේ ජයක්වීම වැළක්වීම ද ක්‍රිඩා ඇමතිගේ හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ වැඩකි.

අපි නැවතත් ක්‍රීඩාවේ ව්‍යාප්තියට සහ පැවත්මට වැදගත් ජංගම ආලෝක පද්ධතියක් ගෙන ඒම අමාත්‍යවරයාගේ අදහසක් ඇතිව පැමිණිම ගැන සතුටු වන බව නො’මැලිව කියන්නෙමු.එහෙත් මේ වන විට රගර් ගමට කැකිරිවත් නැතුව නගරයට කිරි මට්ටමට ජාත්‍යන්තරය ද නමා ගනිමින්,පිරිසක් සිඳු කරන්නට උත්සාහ කරමින් තිබෙන නාට්‍යයේම දෙබසක් නොවී, ක්‍රීඩා අමාත්‍යරයා ජාතික වැඩ පිළිවෙලට වේදිකාව හැර එහි භූමිකාවක් බවට රගර් ද පත් කරන නාට්‍යයක් කළ යුතුව ඇත.අපි ඒ සඳහා අත්පොළසන් දෙන්නට වේදිකාව ඉදිරිපිට බලා සිටින්නෙමු.තව දුරටත් ණය වේවී පූජා කරන අලිින්ට නොව හස්තිරාජ සැළසුම් සහිත නිදහස් සහ නිර්මාණශීලි අදහස් ඇති මිනිසුන්ට අලි පෙරහැරක් සැකසිය හැකි බව අමාත්‍යවරයාට අවබෝධ විය යුතුය.
එහා මෙහා ගෙන යා හැකි ආලෝක පද්ධති යනු ව්‍යාපාර වන අතර එය රගර්වලට පමණක් නොව වෙනත් ක්‍රීඩා සඳහා ද ආදේශ කර ගැනීමට හැකියාව ඇත.එය ලංකාවේ විදුලි බල පද්ධතියට අඩු ධාරිතාවයකින් විදුලිය වැය වන ජාතික අවශ්‍යයතාවයක් ලෙස ද සැකසිය හැකිය.සමහර අවස්ථාවක එය වෙනත් සාද සඳහා ද යොදා ගන්නට හැකි මාර්ගයක්ය.එය ලංකාවේ ව්‍යාපාරිකයන්ට ද සිතන්නට වැදගත් ක්‍රියාවලියක්ය.එසේම සෞක්‍යමය වශයෙන් මිනිස් සිරුරට අහිතකර නොවන LED විදුලි බල්බ යෙදීමට හැකිවීම ද වැදගත්ය.තව දුරටත් ජාතික විදුලි පද්ධතියට විශාල විදුලි ඒකක ප්‍රමාණයක් ඉතිරි කර දෙන සූර්ය බල ජංගම දුරකතන පද්ධති සහ ස්ථාවර ඒවා ගැන ද ක්‍රීඩා භූමී කෙරෙහි යොදන්නට මූලික වශයෙන් ක්‍රීඩා අමාත්‍යංශය සැළසුමක් ගෙනාවොත් ඒවා ක්‍රීඩාවට නොවී රටේ විදුලිබල ගැටළුවටද වැදගත් වනු ඇත.ඒ නිසා හරීන්ගේ සිතුවිල්ල වැදගත්ය.එහෙත් ඒවා පරිස්සමට වක්කඩේ හකුරු හංගනවා වගේ නොවන්නේ වැරදි පුද්ගලයන්ගෙන් කේෂ්ත්‍රය නිදහස් කර ක්‍රියාත්මක කිරීමෙන්ය.එම අදහස රගර්වලට සීවා නොකර සමස්ත ක්‍රීඩා කේෂ්ත්‍රයටම අදාළ කර ගැනීම ද වැදගත්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan