*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

පාඨලීගේ අභියාචනා පෙත්සම දින නියමයක් නොමැතිව කල් යයි!

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයකු බරපතළ අනතුරකට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (15) කල් තැබුවේය.

මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාටලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2016 වසරේ සිදුවූ අදාළ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් එම වාහනය පැදවූ රියැදුරා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගෙන එම නඩු කටයුත්ත අවසන් කර තිබූ බව සඳහන් කළේය.

එසේ තිබියදී 2019 වසරේ ආණ්ඩු මාරුවෙන් පසුව තම සේවා දායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩු පැවරීමට පියවර ගත් බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. අවසන් වී තිබෙන නඩුවකට අදාල චෝදනා වලට යළි නඩු පැවරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කළේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රෝහාන්ත අබේසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව ගොනුකර තිබූ නඩුවේ රියදුරා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබුණද ඉන් පසුව අනාවරණය වූ නව තොරතුරු මත පොලිසිය විමර්ශන සිදුකළ බව පැවසුවේය.

එම විමර්ශනවලදී අනාවරණය වූ නව සාක්ෂි පදනම් කරගෙන පෙත්සම්කාර පාටලී චම්පික රණවකට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කළ බවත් නීතිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවත් අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා අධිකරණය හමුවේ අවධාරණය කළේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම අභියාචනා පෙත්සම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල්තැබුවේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan