විපක්ෂ නායක සජිත් “උදාගමින් උදාගමට” වැඩසටහන දකුණින් අරඹයි (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් නිර්මාණය කළ උදා ගම්මානවල වර්තමාන තත්ත්වය සහ එම ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමේ අරමුණින් රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් ‘උදාගමින් උදාගමට’ වැඩසටහන ආරම්භ කර තිබේ.

එහි පළමු වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ආසනයේ කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයේ පිහිටා ඇති උල්ලල මාස්මුල්ල උදා ගම්මානයේ ජීවත් වන ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රදේශයට ගිය අවස්ථාවේ 1991 වසරේ දී ආරම්භ කරන ලද රුහුණුගම රජයේ රෝහලේ අඩුපාඩු සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

එහි දී මෙම ප්‍රදේශීය රෝහලේ පැවැති අඩුපාඩු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අවධානය යොමු විය. එම අඩුපාඩු සම්බන්ධයෙන් ඉදිරි දිනක පාර්ලිමේන්තුවේත් ආණ්ඩුවේත් අවධානය යොමු කර විසදුම් ලබා දෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ප්‍රශ්නය විසදන්න අලි වැටත් එක්කම අලි කොරිඩෝවක්!

කොළඹ LNW:අලි ගම්වැදීම වැලැක්වීම වෙනුවෙන් මාදුරු ඔය වන උද්‍යානයේ...

වහාම ක්‍රියාත්මක වන පරිදි නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : වහාම ක්‍රියාත්මක වන...