*
Thursday, May 15, 2025
spot_img

Latest Posts

ලොක්කන්ගේ වගකීම් පැහැර හැරීම තුළ අහිමි වෙන්නට ගිය ඉරාන ගමන කොල්ලන් එක්ව හිමි කර ගනියි

නිශ්මං රණසිංහ මැයි 15, කොළඹ LNW:

ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනයේ ප්‍රමාදය නිසා ඉරානයේ පැවත්වෙන්නට නියමිත බටහිර ආසියානු බේස්බෝල් සූරතාවය සඳහා ක්‍රීඩා අමාත්‍යංශයෙන් මූල්‍ය අනුග්‍රහය නොලද ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා.ඉරානයේ කරජ් හී පැවත්වෙන මෙම තරගාවලියට යන වියදම පියවා ගැනීමට විදේශයක සිටින නම හෙළි කිරීමට අකමැති ආදරණීය ලාංකිකයෙකු මූලිකව මැදිහත් වී තිබෙන බව දැන ගන්නට ලැබෙනවා.ඒ මේ රටේ ණය විසදීම සඳහා රජය පත්වන විට මුදල් ලබා දෙන ලාංකිකයන් ලෙස නම් කර ලැයිස්තුවට අදාළ නොවන,ක්‍රීඩා කේෂ්ත්‍රයේ පිරිස් විසින් මැදිහත්ව කටයුතු කර ලබා ගත් අනුග්‍රහයක් බවයි බේස්බෝල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.


බේස්බෝල් හී සභාපතිත්වය දරන්නේ වර්ථමානයේ පාර්ලිමේන්තුවේ පවා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නාමල් රාජපක්ෂට චෝදනා කළ පවුම් 50000 රගර් දඬයට හේතු වූ පරිපාලනයේ සභාපතිවරයා යි.ඔහුට හෝ එහි සිටි කිසිඳු නිලධාරියෙකුට එරෙහිව මේ වන විටත් රජයෙන් කිසිඳු දඬුවමක් ලබා දී නැති අතර,ලෝක සම්මේලනය ගසන ලද පවුම් 50000 දඩය ද ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවට ලැබෙන ආධාර මුදලින් කැපී යන්නට සළස්වා දඬුවමක් නොවන නිසා අද ආසියානු සභාපතිවරයාගේ ආශිර්වාදයෙන් එහි තනතුරක් ගෙන කටයුතු කරනවා. වත්මන් ක්‍රීඩා ඇමතිගේ ද ආශිර්වාදය ඇතිව රගර් ව්‍යවස්ථාව වෙනස් කර දැනට තමන්ට රගර් කේෂ්ත්‍රය තුළ ඇති නොපිළිගැනීම ඉවත් කර හිතවත් පාර්ශවයන්ට බලය එන ලෙස ව්‍යවස්ථාව වෙනස් කිරීම ආසියානු උවමනාවන් ලෙස ක්‍රියාත්මක වන පරිසරය තුළ බේස්බොල් ක්‍රීඩාවේ හිටපු විධායක නිලධාරියෙකු අමාත්‍යවරයාගේ ක්‍රීඩා සභාවේ උපදේශක ලෙස කටයුතු කරන අතර ඔහුත් පවුම් 50000 දඩයට අදාළ පරිපාලනයට ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සම්බන්ධ වී සිටි අයෙක්.
මේ තත්ත්වය යටතේ ක්‍රීඩා අමාත්‍යංශයට බේස්බෝල් ක්‍රීඩාව වෙනුවෙන් කරුණු දැක්වීම පසෙකලා අප විසින් අවස්ථා කිහිපයකදීම යෝජනා කර ඇති පැවති නවසීලන්ත – ශ්‍රී ලංකා රගර් තරගාවලියේ මූල්‍ය වියදම් ගැන පරීක්ෂණ කතාවනට අදාළ තරගාවලිය මෙහෙයවීමේ ක්‍රියාවලියේද මොවුන් ගේ නම් සඳහන් වූවා.එවැනි නම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට පරීක්ෂණයක් කිරීමට ශක්තියක් නොමැති බවක් පෙනෙන්නට ඇති අතර ඒ නිසා ඔවුන් සිය වැරදි සහගත ඉතිහාසයේ කළු වැසෙන්නට සුදු කබා පොරවාගෙන බේස්බෝල් වැනි තවත් ක්‍රීඩාවනට ද බාධා කරවමින් සිටින බවක් පෙනෙන්නට තිබෙනවා.


එවැනි වාතාවරණයක තමන් පරිපාලනය ක්‍රීඩාවන් සම්බන්ධයෙන් ගිණුම් ඉදිරිපත් කිරීමේදී මිලියන ගණන් ණය තබා ඇති වත්මන් බේස්බෝල් සභාපතිවරයා මෙම සිඳුවීමේදී ද,විශාල උත්සාහයක් ගත්ත ද,දුරකතනයට හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව ගුවන් තොටුපළේ දී ද ඇසුණ කතා අතරින් පැහැදිළි වුණා.වගකිම් ඉටු නොකළ බේස්බෝල් නිලධාරීන් ද ඇතැම් විටෙක මුදල් සොයා දීමට උත්සාහ කිරීම පසෙකලා,මුදල් නැතුව ගමන යාමට නොහැකි වේය යන සැකයෙන් සංචාරයෙන්ද ඉවත් වූ බව ඒ කතා අතරින්ම දැන ගන්නට ලැබුණා.
සභාපතිවරයාට පමණක් නොව තවත් නිලධාරීන්ටත් සංගමයේ ඇතැම් කටයුතු විනිවිදභාවයෙන් නොකිරීම සම්බන්ධයෙන් සැකයට බඳුන් වන චෝදනා එල්ල වී ඇති බවත් වාර්තා වන අතර ඒ නමගිය බොහෝ දෙනා වගකීමට උර නොදෙන විට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් සහ බේස්බෝලයට ආදරය කරන දෙස් විදෙස් හිතවතුන් එක්ව සොයා දුන් ආධාර ද,ක්‍රීඩකයින් මැදිහත්ව ලබා ගත් යම් මුදල් ද යොදා ගනිමින් මෙම සංචාර ඉලක්කය ජය ගැනීමට ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම සමත් වීම බටහිර ආසියානු තරගාවලිය ජය ගැනීමට සමාන ආකාරයේ ජයග්‍රාහී එකමුතුවකින් සංචාර අවශ්‍යයතාවය මුදුන් පමුණුවා ගැනීමක් ලෙස දැකිය හැකියි.


ශ්‍රී ලංකාව මූලික වටයේ නියෝජනය කරන ඒ කාණ්ඩයේ දී ශ්‍රී ලංකාවට එතරම් තර්ජනයක් එල්ල වෙනු ඇතැයි සිතිය නොහැකි නමුත් බී කාණ්ඩයෙන් පකිස්තානය සහ ඉරානය සිටින නිසා අවසාන පූර්ව වටයේ සිට විශාල තරගයකට මුහුණ දෙන්නට සිඳු වනු ඇතැයි සිතිය හැකියි.එහෙත් සිය පරිපාලනයේ නිසි පරිදි ක්‍රියා නොකරන තත්ත්වයක,අමාත්‍යංශය ද ඉවත බලද්දි රට වෙනුවෙන් මේ තරගාවලිය දක්වා යන්නට ඔවුන් දැරූ ශක්තිය සුළු නැත.ඒ සුවිශාල මහා ශක්තිය සමඟ මේ ගමන වඩා ඉහළ ජයග්‍රහණයකින් නිම කරන්න ද ශ්‍රී ලංකා ක්‍රීඩක කැළ සෑහ වෙහෙසක්ම දරනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan