තෙවන දවසේ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහකයා යැස්මින්

Date:

නිශ්මං රණසිංහ මැයි 15, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක අවුරුදු 22 න් පහළ සහ යොවුන් ආසියානු බොක්සිං තරගාවලියේ ශ්‍රී ලංකාවට එක ජයග්‍රහනයක් ලබන්නට හැකියාව ලැබුණා.එම ජයග්‍රහණයට හිමිකම් කීවේ යැස්මින් මොහොමඩ් උසෙයිත් කිලෝ ග්‍රෑම් 75 බර පංතියේ තරගයකදී සවුදි අරාබියේ නයිෆ් අල්මෝවලඩ් පරාජය කිරීම හරහා යි.


වර්ථමානයේ යම් ආකාරයක ආසියාන තුළ පිබිදීමක් ඇති බොක්සිං රටක් වන සවුදි අරාබිය නියෝජනය කළ නයිෆ්ට එරෙහිව තරගයේ සියලු ගෞරවය දිනා ගන්නට සමත් වූ යැස්මින් තරගයේ විනිසුරු තීරණ අනුව 5 – 0 ක ජයක් වාර්තා කරන්නට සමත් වුණා.


ශ්‍රී ලංකාවට වෙනත් ජයග්‍රහණයක් හිමි නොවුණත්,තරගයෙන් තරගයට තරගාවලිය සංවිධානය කිරීමේ ජය නිරන්තරයෙන්ම ඇගයීමට ලක් වෙනවා.එය එක්තරා කඩ ඉමක් ලෙස වැදගත් වන අතර එය අභියෝගයට සහ ඇගයීමට ලක්විම ලෝකයේ සහ ජාත්‍යන්තර ඔලිම්පික් පරිපාලනයේ බොක්සිං ක්‍රීඩාව පිළිබඳ දැක්ම සමඟ තීරණය වනු ඇත.


එසේම ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ජයග්‍රාහී දිශාවකට හැරවීම මේ හරහා සිදුවන අතර මේ තරගාවලිය සඳහා විශාල විදේශිකයන් පිරිසක් ලංකාවේ විදේශ මුදල් සංචිතය ඉහළ දැමීමට දක්වන දායකත්වයද ඇගයිය යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලහත්කාරයෙන් අතුරුදහන් කළ වූවන්ට යුක්තිය පතා අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට...

හිතාගන්නත් බැරි බලයක් එක්ක මධ්‍යම කඳුකරය රැකගන්න අධිකාරියක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මධ්‍යම කඳුකරයේ ඉදිරි පැවැත්ම සහ ආරක්ෂාව...

රට සමාජයීය වශයෙන් ගොඩනැඟීමට නම් සියලු යහපත් සබඳතා යළි ස්ථාපිත කළ යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුවෙන්...

රුමේනියා යන සිහිනය සැබෑවෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , කොළඹ LNW : ශ්‍රී ලංකාව...