සැප වාහන වෙන්දේසිය අද!

Date:

කොළඹ LNW:ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර අද (15) ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙයි.

එහිදී සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් වෙන්දේසි කිරීමට නියමිතයි.

බී එම් ඩබ්ලිව් මෝටර් රථයක්, විවිධ වර්ගයේ ජීප් රථ 05ක්, මිට්ෂුබිසි මොන්ටේරෝ රථයක්, වී එයිට් රථ 06ක්, මිට්ෂුබිසි රෝසා වර්ගයේ වායු සමනය කළ බස් රථයක් ඇතුලු රථ රැසක් අද මෙලෙස වෙන්දේසි කෙරෙන අතර විකිණීමට නියමිත මෙම සියලු වාහන වසර 10ක් ඇතුළත නිෂ්පාදිත වාහන වන අතර ඊට අදාළ මිල ගණන් කැදවීම ඊයේ අවසන් විය.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර යටතේ මීට පෙර සුඛෝපභෝගී රථ 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 06ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පැවැත්විය.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලහත්කාරයෙන් අතුරුදහන් කළ වූවන්ට යුක්තිය පතා අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට...

හිතාගන්නත් බැරි බලයක් එක්ක මධ්‍යම කඳුකරය රැකගන්න අධිකාරියක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මධ්‍යම කඳුකරයේ ඉදිරි පැවැත්ම සහ ආරක්ෂාව...

රට සමාජයීය වශයෙන් ගොඩනැඟීමට නම් සියලු යහපත් සබඳතා යළි ස්ථාපිත කළ යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුවෙන්...

රුමේනියා යන සිහිනය සැබෑවෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , කොළඹ LNW : ශ්‍රී ලංකාව...