*
Thursday, May 15, 2025
spot_img

Latest Posts

20 වැනි ‘ඌව රන් සටන‘ ,මැයි 23-24 සූරියවැව ට

නිශ්මං රණසිංහ මැයි 15, කොළඹ LNW:

බණ්ඩාරවෙල සාන්ත ජෝශප් විදුහල් පිල සහ මධ්‍ය මහා විදුහල් පිල අතර 20 වැනි ‘ඌව රන් සටන‘ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙම මස 23 සහ 24 දෙදින සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග ඉතිහාසයට අනුව දෙපිලම එක හා සමානව දස්කම් අතර පසු වූවද, මෙවර තරගයේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් සිටින බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහල් පිල ඉදිරියෙන් සිටී.
මහා සටනකදී තත්ත්වය සපුරා වෙනස් ස්වභාවයක් ගන්නා අවස්ථා කොතෙකුත් වාර්තා වී ඇති අතර එහිදී දෙපිළ ක්‍රීඩා කරන්නේ සියලු කැපවීම් සමඟ වෙන කිසිඳු තරගයකට නොදැක් වූ උනන්දුවකින් සහ කැපවීමකින් නොවන නිසා තරගයට පෙර දකින ස්වභාවය වෙනස් වීමේ අවස්ථා කොතෙකුත් තිබිය හැකිය.කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් මහා තරගයේදී තමන්ගේ උපරිමය ද ඉක්මවා ලබා දෙන්නට කැප වෙන ආකාරය සාමාන්‍ය මහා තරගයක ස්වභාවය නිසා ඌව රන් සටනේ විසිවැන්න සූරියවැව ක්‍රීඩාංගණයට උණුසුම් දින දෙකක් රැඟෙන එනු සැක නැත.


බණ්ඩාරවෙළ මධ්‍ය මහා විදුහල් කණ්ඩායමේ නායක ගිම්හාන් කේෂර වීරසිංහ, උපනායක රූසර තම්මිට, උදිත ආකල්ප විජේසුන්දර, ලසඳු නිම්සිත් විජේසුන්දර, හරිත සිහිලැල් නිම්සර රත්නවීර සහ චන්තුම් ලක්ප්‍රිය විජේසුන්දර අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන අතර, ඔව්හූ පසුගිය වසරේ ද කණ්ඩායමට ඇතුළත්ව සිටියහ. කෙසේ වෙතත් නායක තරූෂ නිර්මාල්, උපනායක තරිඳු ක්‍රිෂාන් සහ සචින් දිලංක වැනි පසුගිය වසරේ මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කිහිපදෙනකු සාන්ත ජෝශප් විදුහල් පිලට ද ඇතුළත්ව සිටිති.
දෙපිල අතර මෙතෙක් පැවැති තරගවලදී ජයග්‍රහණ තුනක් අත්කර ගැනීමට සාන්ත ජෝශප් විදුහල සමත්වූ අතර, බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහල ජයග්‍රහණ දෙකක් ලබා සිටී. සෙසු තරග නිමාවට පත්වූයේ ජයපරාජයෙන් තොරවය.

වසර 1967දී ආරම්භ වූ ‘ඌව රන් සටන‘ පාසල් මහා ක්‍රිකට් තරගය අද වනවිට බණ්ඩාරවෙල සම්ප්‍රදායික තරගයක් ලෙස ගෞරවයට පාත්‍ර වී ඇති අතර, ප්‍රතිවාදී දෙවිදුහලම කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කර තිබේ. මෙවර තරගය සාන්ත ජෝශප් විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධාන කරනු ලබයි.

සාන්ත ජෝශප් විදුහල් කණ්ඩායම
ආර්.එම්.තරූෂ නිර්මාල් (නායක), ජී.ආර්.එම්.තරිඳු ක්‍රිෂාන් (උපනායක), ඒ.ජී. සරිත් මලින්ද, ටී.එම්. සචින් දිලංක, ආර්.එම්.විභුති රුවන්, ජේ. තිවංක තේජාන්, එච්.එම්. දිනිඳු හසරංග, ඩී.එම්.තීක්ෂණ ප්‍රමෝද්‍ය, බී.ඒ. ඉෂන් කවිෂ්ක, ඩී.ජී. චමිඳු තේජිත, ඩබ්.පී. තුසිත විශ්වජිත්, ආර්.ඒ.ඩී. චලන රන්දුන්න, එම්.ඩී. බුද්ධිත ඩිල්ෂාන්, කේ.ඩී. කවිෂ අයනිජ, ජී.ආර්.එම්. රවිඳු හසාර, ඩබ්.එම්. අංජන මිහිරංග, ආර්.ඩී.තනූෂ නිම්සර, එස්.එම්.බී. චාමර මහතා (පුහුණුකරු), ජී.නාලන්ද ගනේගොඩ මහතා (පුහුණුකරු), ආර්.බී.ඩී.ඒ. සුමතිපාල මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), පී.එම්. එස්.පළිහකෝන් මහතා (විදුහල්පති)

බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහල් කණ්ඩායම
පී.කේ. ගිම්හාන් කේෂර වීරසිංහ (නායක), ඩී.එච්.එම්. රූසර තම්මිට (උපනායක), ඉසාර පියුමාල් රණසිංහ, ඩබ්.එම්. ලිසඳු නිම්සිත් විජේසුන්දර, කේ.එම්. මිනුද සවීන් රත්නායක, ඩබ්.එම්. ජනිත ගිස්මන්ත විජේසුන්දර, ආර්.පී.හරිත සිහිලැල් නිම්සර රත්නවීර, ඩබ්.එම්. චන්තුම් ලක්ප්‍රිය විජේසුන්දර, ඩබ්.එම්.අරිත නිම්නල්, පී.ආර්. දේසඳු නිම්තක ද සිල්වා, එම්.ඒ.බන්චන පසඟ මාරසිංහ, ඊ.ඒ.ඕෂධ ලංකේෂ්, ඊ.එම්.සිතුම් සතිඳු ඒකනායක, කේ.එම්.මල්ෂ ගිම්හාන් කෝනාර, ජී.ඒ.ඩී. යෙනුර නදීෂාන්, ඩබ්.එම්. උදිත ආකල්ප විජේසුන්දර, ඔසඳ රන්මිත ලියනගේ, මල්ෂාන් පියුමිත රත්නායක මහතා (ප්‍රධාන පුහුණුකරු), ටී.සජීවන්ත් මහතා (සහාය පුහුණුකරු), අමිත් චතුරංග යාපා මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), විශාඛා රාජපක්ෂ මෙනෙවිය (විදුහල්පතිනිය), ආර්.එම්.ශාන්ත බණ්ඩාර මහතා (ක්‍රීඩා භාර ආචාර්ය)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan