පොරොන්දු ඉටු කළ චීනය සහ ඇමරිකාව!

කොළඹ LNW:පසුගිය දා චීන-ඇමරිකා ආර්ථික සහ වෙළඳ සාකච්ඡා ජිනීවාහිදී පැවැත්වුණා. එහිදී දෙපාර්ශ්වයම පොදු එකඟතාවන්ට එළඹෙමින් ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත් කළා. ඊට අනුව ඊයේ(14) දිනට පෙර දෙපාර්ශ්වයම තීරුබදු තීරණ වෙනස් කළ යුතු බවයි සඳහන් වුණේ.

ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා වන නව තීරුබදු වෙනස් කරමින් චීන රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම ඊයේ(14) නිවේදනයක් නිකුත් කළේ මේ සඳහා ප්‍රතිචාර දක්වමින්. එහිදී දින 90 ක මූලික කාලය සඳහා සියයට 24 ක ප්‍රතිශතය අත්හිටුවමින්, ඇමරිකානු නිෂ්පාදන සඳහා ඉතිරිව ඇති අතිරේක දැන්වීම් වටිනාකම් තීරුබදු අනුපාතය සියයට 10 ක් ලෙස රඳවා ගැනෙන බව සඳහන් කෙරුණා.

එමෙන්ම ඇමරිකාවේ සමාගම් 17 ක් විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවට ඇතුළත් කිරීම අත්හිටුවමින් චීන වාණිජ අමාත්‍යංශය ද නිවේදනයක් නිකුත් කළා.

චීනය සමග පැවති සාකච්ඡාවේ තීරණ ක්‍රියාත්මක කරමින් අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමේ විධායක නියෝගය ඇමරිකාවේ ධවල මන්දිරය පසුගිය 12 වනදා නිකුත් කළා. ඊට අනුව ඇමරිකාව ඊයේ(14), චීන භාණ්ඩ සඳහා පැනවූ 91% ක තීරුබදු ඉවත් කර තිබෙනවා. එමෙන්ම පසුගිය අප්‍රේල් 2 වැනිදා පළ කළ අංක 14257 නියෝගයට අනුව චීන භාණ්ඩ සඳහා 34% ක අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කර, ඉන් 24% ක තීරුබදු දින 90කට අත්හිටුවා ඇති අතර ඉතිරි 10% ක තීරුබදු එලෙසම පවත්වාගෙන යනු ඇති බවයි වාර්තා වන්නේ.

‍ලොව ප්‍රධානම ආර්ථිකයන් අර්බුදයටකට නොගොස් කඩිනමින් තීරණයකට එළඹීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ද සිය සතුට පළ කර සිටිනවා.

වත්මන් ගෝලීය ආතතීන් මධ්‍යයේ, මෙම ප්‍රගතිය දෙරටට පමණක් නොව, වඩාත්ම අවදානමට ලක්විය හැකි ආර්ථිකයන් ඇතුළුව ලෝකයේ සෙසු රටවලට ද ඉතා වැදගත් වන බව ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය ද නිවේදනයක් සිදු කරමින් සඳහන් කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...