Forbes සඟරාවේ 30න් පහළ විශිෂ්ටයින් අතරට ගිය ඉවුම් පිහුම් මාස්ටර් ‘චරිත්’ සහ ව්‍යවසායකත්වයෙන් වැඩක් ගත් ‘යානිකා’!

Date:

සටහන – පුලී
මැයි 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ඉවුම් පිහුම් වැඩ කිඩ දමමින් චරිත් සිය නම ලෝකයට ගෙන යන්නේ තමන්ගේම උත්සාහයෙන් සහ කැපවීමෙනි. ඒ වගේම E-Commerce ප්ලැට්ෆෝම් එක හරහා ඇය කළ කැපවීම මල් පළ ගන්වමින් යානිකා ද ඇයටම වෙන්වුන ගමන් මගක යමින් සිටින තරුණියකි.

2025 Forbes සඟරාවට අනුව ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ නම් ලැයිස්තුවට මොවුන් දෙදෙනාගේ නම්ගම් ඇතුළු වන්නේ ද අන්න ඒ නිසාවෙනි.

‘Wild Cookbook’ YouTube වේදිකාව තුළ ලොවවටා රසික පිරිසකගේ ආදර දිනාගත් ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වා පසුගිය මාර්තු මස 28 වන දින සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකර යෑමට සමත් වූයේ මිලියන 10ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික Youtube නාලිකාවේ හිමිකරුවා බවට පත්වෙමිනි.


පමණක් නොව ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button හි සාඩම්බර හිමිකාරත්වයට ද පත් වූයේ අපේ පුංචි රටේ නම ලෝකයට ගෙන යමිනි.

චරිත්ට චරිත්ගේම ආරෙකට උයන ඉවුම් පිහුම් රටාවක් පැවතීම සහ එයට වැඩ කිඩ දමා ප්‍රේක්ෂකයා ඇඳ ගැනීමට ඔහු කරන දෑ ඔහුගේ මෙම සාර්ථකත්වයට හේතු විය.



ශ්‍රීලාංකික තරුණ ව්‍යවසායිකාවක වන Silver Aisle හි නිර්මාතෘ යානිකා අමරසේකර Retail & Ecommerce අංශයෙන් දස්කම් පාමින් ඇයගේම ව්‍යවසායකත්වය තුළින් 2025 Forbes සඟරාවේ ඇයගේ නමත් ඇතුළත් කර ගැනීමට සමත් වී තිබේ.


විවාහ උත්සව සඳහා ත්‍යාග වෙන් කිරීමට ශ්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කරන ලද ඩිජිටල් වේදිකාව වන Silver Aisle හි නිර්මාතෘවරිය ඇය වන අතර 2019 වසරේදී ආරම්භ කළ මෙම ඩිජිටල් වේදිකාව මේ වන විට විශාල ප්‍රමාණයක සේවාවන් සපයන පුළුල් ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.

යානිකා ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යවසායකත්වය නවෝත්පාදන සහ කළමනාකරණය පිළිබඳ MSC උපාධියක් සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් මෙන්ම කැලිෆෝනියාවේ UC Berkeley ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් ද හිමිකර ගෙන ඒ දැනුමෙන් වැඩත් ගත් අපේ කාලයේ තරුණියක් වීම සාඩම්බරයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...