අමාරි හෝටලයේ සාකච්ඡාවට සජබ සහ පොහොට්ටු ලේකම්වරුන් නොයයි. හේතුව වජිර ?

Date:

ඊයේ දිනයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී පැවැත්වූ සාකච්ඡාවේදී යෝජනා වූ අන්දමට අද (15) කොළඹ අමාරි හෝටලයේ පැවති විපක්ෂයේ පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවට සමගි ජන බලවේගයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරුන් සහභාගී වී නොමැත.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයට බලය පිහිටුවීමට නොහැකි ප්‍රාදේශීය සභා, නගරසභාවල විපක්ෂය එකතුවී බලය පිහිටුවන ආකාරය මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබිණි.

සජබ සහ පොහොට්ටුව මීට සහභාගී නොවීමට මූලික හේතුව වී ඇත්තේ ඊයේ පැවති සාකච්ඡාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන නිකුත් කර තිබුණු නිවේදනය බව ආරංචිමාර්ග පැවසීය.

සන්ධානයක් පිහිටුවන බවක් දක්වමින් වජිර අබේවර්ධන එම නිවේදනය ඔහුට අවශ්‍ය ආකාරයට සකසා නිකුත් කර තිබුණු අතර එම නිවේදනය නිසා මතුවූ අප්‍රසාදය හේතුවෙන් සජබ සහ පොහොට්ටුව මෙම සාකච්ඡාවට නොපැමිණ ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබේ. මේ හේතුවෙන් නුවර -...

ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...

හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….

මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...

සුබ උපන්දිනයක් ‘ජෝ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...