හම්මට උඩු රනිල් (නැවත විකාශය) – තාරක ලියයි

Date:

අපි 2021 දෙසැම්බර් 28 වැනිදා මේ කොලමේ මෙහෙම ලිව්වා.  කියවන්න.

“ලංකාවේ සමාජය, සමාජ ආර්ථික දේශපාලනික වශයෙන් දෙයියො – බුදුන් සිහිවෙන මට්ටමේ කියල හරියටම තේරුම් අරගෙන තියෙන්නේ රනිල්.  තව විදිහකින් කිව්වොත් මහින්ද මුහුණපාල තියෙන තත්ත්වය හරියටම තේරුම් අරගෙන තියෙන්නේ රනිල්.  ඒ දෙන්නා කොහොමත් එකිනෙකාගේ හිත් කියවන්න දක්ෂයි. ඒක සංසාරගත දේශපාලන ආදරයක්.  ඒ ආදරයට අමතරව දැන් රනිල්ගෙන් මතුවෙලා තියෙන්නේ පන්ති ප්‍රේමය.  

ඒ නිසා තමයි එයා විශේෂ ප්‍රකාශයක් කරලා තියෙන්නේ සිස්ටම් එක ගොඩ දාන්න තියෙන ක්‍රම සහ විධි මතක් කරලා. එයාගෙ විශේෂ ප්‍රකාශයේ විශේෂයෙන් සඳහන් කරනවා, ආණ්ඩුව විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවත් අර්බුදයට යන්න පුළුවන් ජනතා කෝපය පුපුරා ගියොත් කියලා.

රනිල් මේ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. පක්ෂ අතර තියෙන ප්‍රශ්න පස්සෙ බේරගමු.. IMF එක්ක එකතු වෙලා තව ණය ටිකකුත් අරගෙන මොකක් හරි දහං ගැටයක් දාල සිස්ටම් එක බේරගනින් මස්සිනා.. එහෙම නැත්නම් උඹේ කටෙත් පස්. මගේ කටෙත් පස්. බැරි වෙලාවත් ලංකාවේ උන් චිලී රාජ්‍යයේ උන් වගේ තීරණයක් ගත්තොත් අපි මේ කරගෙන ආව මාරුවෙන් මාරුවට බට්ටා පනින සෙල්ලම කම්මුතුයි.. ඔන්න ඕකයි රනිල්ගේ පණිවිඩය. “

අපි 2022 ජනවාරි 08 වැනිදා මේ කොලමේ මෙහෙම ලිව්වා.  කියවන්න.

“මේ අලුත් නාටකය රඟ දැක්වෙන්න කලින් රටේ මොකද්ද තිබුන තත්වය ? ප්‍රධාන පක්ෂ දෙකම එපාවෙලා ඒ පක්ෂ දෙක ගැනම කලකිරිලා මිනිස්සු තුන්වෙනි බලවේගයක් ගැන හිතන්න පටන් ගත්තා විතරයි. ඔබ හිතනවද එහෙම මොහොතක මතුවෙන මේ අලුත් ගැටුම් ඇත්ත ගැටුම් කියලා. බැලූ බැල්මට ඒ ගැටුම් වලට හේතුවෙන යම් යම් ඇත්තවල් තිබුණත් මේ වෙලාවේ ඒවා මතුවෙන ඇත්තම ඇත්ත කතාව තමයි වෙන කවරදාටත් වඩා ජනතාව තුළ තුන්වෙනි බලවේගයක් ගැන ඇතිවෙලා තියන අවධානය.

මතකයි නෙ අපි මීට කලින් මේ කොළමෙදිම කිව්වා රනිල් වික්‍රමසිංහ හොඳටම කලබල වෙලා සිස්ටම් එක ගැන කියලා. සති දෙකකට කලින් එයා කිව්වානේ ජනතාව ප්‍රකෝප වුනොත් මොනවා වෙයිද දන්නෑ කියලා.  ….හැමෝම බය වෙලා ඉන්නේ සිස්ටම් එක වැටෙයි කියලා.  ඒ නිසා අලුත් මුක්කු අවශ්‍ය වෙලා තියෙනවා. අලුත් මුක්කු හැදෙන්නැත්නං තමන්ගෙ බලවේග තක්කු මුක්කු කරල හරි අලුත් මුක්කු හදනවා. බැලූ බැල්මට ඒවා එකිනෙකට පසමිතුරුයි වගේ පෙනුනට සිස්ටම් එක ගොඩ දැමීම උදෙසා ඒවා එකිනෙකට සේවය කරනවා..“

උපුටාගැනීම්  අවසන්.

දැන් ඔබ මොකද හිතන්නේ ? ඔහු රාජපක්ෂ රෙජීමයේ විශ්වාසවන්ත ආරක්ෂකයා. ඔහු ඉන්දු ඇමරිකා බල ව්‍යාපෘතියේ නිසැක ඒජන්තයා. ඔහු නැගී ආ අරගලය දියාරු කරන්නට මැද්දට පැමිණි හීන් නූල් කාරයා. රනිල්ගේ ඊළඟ ගේම හරියට කියවාගත්තේ නැත්නම් අපට ඊළඟ ජේ ආර් ජයවර්ධන හමුවේවි. JR වැඩගත්තේ තමන්ගේම බලයකින් ඇමති මණ්ඩලයකින්. රනිල් වැඩගන්න හදන්නේ GR ගේ බලයෙන් සහ ඇමති මණ්ඩලයකින්.

ඉන්දු ඇමරිකා ජපාන නවසීලන්ත ඕස්ට්‍රේලියා ඇතුළු ආධාර සුනාමියකින් ඇස්බැන්දුම පටන් ගන්න නියමිතයි. ජයග්‍රහණයේ මුවවිටටම ආ අරගලය තෙල් ගෑස් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලින් දියාරු කරන්නට නියමිතයි. ජන නැගිටීමට සාපේක්ෂව අවදි වූ දේශපාලන විඥානය කන්ඩ බොන්ඩ දී නැවත නිදිකරවන්නට නියමිතයි. උන්ගේ පන්තිය සමගි වෙද්දී අපේ පන්තිය සමගි නොවුනොත් බඩු බනිස් වන්නට නියමිතයි.

ඉතුරු ටික ඊළඟ දවසේ කතාකරමු. දැන් හිතන්න.

– තාරක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුගතදාසෙ නොදීම ගැන හයසින්ත්ගෙන් පුංචි ආඩපාලියක්

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: දකුණු කොරියාවේදී ආසියානු යොවුන්...

නව ඔලිම්පික් සභාපතිණිය ට්‍රම්ප් සමඟ ඔලිම්පික් ගැන තනිව කතා කරන්නට සිතයි.

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති...

‘මම නැතිනම් ඔවුන් තාමත් සටන් කරනවා’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

පළාත් කොමසාරිස්වරුන්ට තලතාගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මේ වන විට...