*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය විසඳන්න රටවල් රැසකින් අන්තර්ජාතික සංසදයක් …

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය විසඳන්න අමෙරිකාව-බ්‍රිතාන්‍යය-චීනය ඉන්දියාව-ජපානය ඇතුළු රටවල් රැසකින් අන්තර්ජාතික සංසදයක් පිහිටුවා ගනී.

අපි කාටත් දැන් අවබෝධයක් එන්න ඕනෙ අපේ රටේ ආර්ථික අර්බුදයක් ඇතිවෙලා තියෙන බව. අවසාන වරට පැවති මාධ්‍ය සාකච්චාවේදී මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කරපු ප්‍රකාශය ඉතා බරපතල බව ඕනෙම කෙනෙකුට වැටහෙන්න ඕනෙ. ඔහු කිව්වෙ රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඉදිරි සති දෙකේදි වෙන්නෙ නැත්නම් තමා මෙම තනතුරෙන් ඉල්ලාඅස්වන බව. ඉතින් දැන්වත් මේ දේශපාලන ක්‍රීඩාව නතරකරල රට පෙරට ගේන ක්‍රීඩාව පටන්ගන්න කාලය ඇවිල්ල කියල තමා අපේ නම් අදහස.මේ වෙලාවෙ මේ වගකීම බාරගන්න කවුරුවත් ආවෙ නෑ ඉදිරිපත්වුණේ රනිල් වික්‍රමසිංහ මහතා කියල මුලු ලෝකෙම දැක්ක. දැන් රටේ අගමැතිත් ඔහුම තමා. ඉතින් මේවගේ වෙලාවක ඔහු ගත්ත මේතීරණය ගැන අපි සතුටුවෙන්නම ඕනෙ.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දීල දවස් දෙකක ඇතුලත වගේ කෙටි කාලයක් තුල මූල්‍ය අර්බුදය විසඳන්න අමෙරිකාව-බ්‍රිතාන්‍යය-චීනය ඉන්දියාව-ජපානය ඇතුළු රටවල් රැසකින් අන්තර්ජාතික සංසදයක් පිහිටුවල තියෙන වර්තාව අපිට ලැබිල තියෙනව. මෙන්න ඒකෙ තවත් තොරතුරු.

වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දෙන මූල්‍ය අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා මූල්‍යාධාර දීම වෙනුවෙන් අන්තර්ජාතික සංසදයක් ස්ථාපිත කිරීමට අමෙරිකාව, චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් රැසක අවධානය යොමුව ඇති බව

ජපානය, අමෙරිකා එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව යන රටවල් මේ පියවර ගෙන තිබෙන අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් ගත හැකි සහයෝගය පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවේ වර්තමාන ජපාන තානාපතිවරයා ඊයේ (14) ජපානයේ ටෝකියෝ නගරය බලා පිටත්ව ගොස් ඇතිබව

ශ්‍රී ලංකාවේ ඉන්දිය මහා කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ජපාන තනාපති මිෂුකොෂි හිඩෙකි, අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලී චංග්, චීන තනාපති ෂියන් ලියන් යන මහත්ම මහත්මීන් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (13) පැවැත්වූ සාකච්ඡාවලදී මේ බව අනාවරණය වීඇති බව.

ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ පැවති සාකච්ඡාවලදී ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමුවී , ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දීමට ද මහ කොමසාරිස්වරයා එකඟවූ බව.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය දීමට ද ජපාන තනාපතිනිවරයා ප්‍රතිඥා දුන් බව

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ඒ ඔස්සේ අර්බුද විසඳා රට ස්ථාවර කිරීම ඔහුගේ පළමු පියවර වෙතැයි අපේක්ෂා කරන අමෙරිකානු තානාපතිනිය අනිතර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සිදුවන ගණුදෙනු යථාවාදී ලෙස සිදු කර ශ්‍රී ලාංකිකයන් මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් දෙනු ඇතැයි විශ්වාසය පළකොට ඇතිබව

චීන තානාපතිවරයා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දැක්වීමට තම රටේ කැමැත්ත ප්‍රකාශ කළ බව

අපි හිතන්නෙ මේදේවල් තමා ඉක්මණින්ම වෙන්න ඕනෙ කියන කාරණේ. ඉතින් ඒකට රටේ දේශපාලන ස්ථාවරභාවයක් තියෙන්නම ඕනෙ කියල තමා අපිනම් විශ්වාස කරන්නෙ. අන්න ඒ ස්ථාවරභාවයට පාර කැපීගෙන එනව කියල අපි දකිනව . ඒක සුබ විදියට අපි අපේ පැත්තට කරකවා ගන්න එක අපිටම බාරයි. දේශපාලනය, ක්‍රීඩා වගේම අරගල කරන්නත් අපිට රටක් ඉතුරුවෙන්න ඕනෙ කියල අපි ඔක්කොම හිතුවොත් මේක ගොඩදාන්න අපේ මිනිස්සුන්ට ඒතරම් අමාරුවෙන එකක් නෑ කියල අපිට විශ්වාසයි.

  • යූ. ඩී facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan