බංකොලොත් භාණ්ඩාගාරයත් රනිල්ගේ කරටම !

Date:

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත් කළද මේ දක්වා කැබිනට් මණ්ඩලය සම්පූර්ණ කර නොමැත. අමාත්‍ය තනතුරු හතරක් ඊයේ සම්පූර්ණ කළ නමුත් තීරණාත්මක හා ප්‍රබල අමාත්‍ය තනතුරු රැසක් හිස්ව පවතී.

පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන්ගේ එකතුවෙන් නව කැබිනට් මණ්ඩලය බිහි කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ නමුත් මේ දක්වා ඇමති තනතුරු බාර ගැනීමට එකඟ වී තිබෙන්නේ පොදුජන පෙරමුණ පමණි. විපක්ෂයේ සෙසු සියලු පක්ෂ හා කණ්ඩායම් ආණ්ඩුවට එකතුවීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම හමු වූ අතර එහිදී කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා.

එහිදී, මුදල් අමාත්‍යංශය යළිත් බාරගන්නා ලෙස හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතාගෙන් ඉල්ලා තිබෙනවා. කෙසේ නමුත් සබ්‍රි මහතා එය ප්‍රතික්ෂේප කර ඇති අතර පවුලේ සාමාජිකයන්ගෙන් එල්ල වන දැඩි විරෝධය හේතුවෙන් මුදල් අමාත්‍යංශය බාරගත නොහැකි බව ඔහු පවසා තිබෙනවා.

කෙසේ නමුත් අගමැතිවරයාට උපරිම සහයෝගය ලබාදෙන බවට ඔහු සහතික වී තිබේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මුදල් අමාත්‍යංශයද අගමැතිවරයා යටතේම ක්‍රියාත්මක වනු ඇති බවයි. ඊට එක් හේතුවක් වන්නේ බංකොලොත් වී ඇති මහා භාණ්ඩාගාරය බාර ගැනීමට කිසිදු මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් නොවීමයි. අනෙක් පැත්තෙන් මුදල් අමාත්‍යංශය සඳහා වඩාත් සුදුසු පුද්ගලයා වික්‍රමසිංහ මහතා බව ඊයේ පැවති රැස්වීමේදී බොහෝදෙනා ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව විදෙස් රටවල් සමග සහ මුල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේදී රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කිරීම වඩාත් වාසිදායක බව මන්ත්‍රීවරුන් පවසා ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවලදීද මෙරට නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස අගමැතිවරයා කටයුතු කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...