සිරකරුවන් 244 ක් නිදහස් – රන්ජන්ට අදත් නෝ චාන්ස් !

වෙසක් උත්සවය නිමිත්තෙන් සිරකරුවන් 244 කට රාජ්‍ය සමාව හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ලැබී තිබෙන බලතල ප්‍රකාරව මෙම සිරකරුවන්ට රාජ්‍ය සමාව හිමි වේ.

දිවයින පුරා පිහිටි සෑම බන්ධනාගාරයක්ම නියෝජනය වන පරිදි රාජ්‍ය සමාව හිමිවන සිරකරුවන් තෝරාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබෙන්නේ දඩ මුදල් නොගවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින ද‌ඬුවමේ ඉදිරි ශේෂය අහෝසි වන බවයි. එසේම අද දිනය දක්වා සිරදඬුවම් විඳින සිරකරුවන්ගේ, බන්ධනාගාරය තුළ ගතකර ඇති සෑම වසරකටම දින 14 බැගින් අහෝසි වේ.

අද දිනය වනවිට බන්ධනාගාරගතව සිරදඬුම් විඳින සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්මවූ සිරකරුවන්ගේ දඬුවමින් හරි අඩක් අඩුකිරීම ‍හා අඩකට වඩා වැඩි කාලයක් දඬුවම් විඳින ලද සිරකරුවන්ගේ දඬුවමේ ඉතිරි ශේෂය අහෝසි කිරීමටද තීරණය කර තිබෙනවා.

වසර 40 කට හෝ ඊට වැඩි සිර දඬුවම් නියම කර ඇති 2022.05.15 දින වනවිට මහාධිකරණයෙන් දඬුවම් නියම කළ දින සිට වසර 20 ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි වනු ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිරදඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි ඉල්ලා ඊයේ දිනයේදී කලාකරුවන් ඇතුළු පිරිසක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ගෝෂණයක නිරත විය. කෙසේ නමුත් හිටපු මන්ත්‍රීවරයා අද පොදු සමාව යටතේ නිදහස් කළ පුද්ගලයන් අතර නොමැති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...