අද (15) දිනයේදී ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙසත් විකුණුම් මිල ලෙස රුපියල් 331.15ක් ලෙසත් සටහන් වී තිබේ.
මෙය 2023 දෙසැම්බර් 05 වැනි දිනෙන් පසු ඩොලරයක ගැනුම් මිල රුපියල් 323 සහ විකුණුම් මිල රුපියල් 331 ඉක්මවා ගිය පළමු අවස්ථාව වේ.
ගතවූ සතිය තුළ ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන අනුව ඇමරිකානු ඩොලරයක මිල ඉහළ ගිය ආකාරය පහතින් දැක්වේ.

කෙසේවෙතත් ඇතැම් වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 324 ඉක්මවාත් විකුණුම් රුපියල් 333 ඉක්මවාත් ගොස් තිබිණි.




2026 වසර ආරම්භයේදී එනම්, 2026 ජනවාරි 01 වනදා වනවිට ඇමරිකානු ඩොලරයේ අගය පැවතියේ ගැනුම් මිල රුපියල් 305.84ක් සහ විකුණුම් මිල රුපියල් 313.43ක් වශයෙනි.


