හරීන් සමග ඉදිරි දේශපාලන ගමන යනවා – වඩිවේල් සුරේෂ්ගෙන් යළි ආන්දෝලනාත්මක කතාවක් (VIDEO)

Date:

තමන් ඉදිරියේදී දේශපාලනය කරන්නේ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමග බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පවසයි.

“මේ හරීන් ඇමතිතුමා වැඩ කරන්න දක්ෂයෙක්. දැන් මෙතන මාධ්‍යවේදීන්ටත් ප්‍රශ්නයක් එයි වඩිවේල් සුරේෂ් මොකද මෙතන ඉන්නෙ කියලා. මම ඒ පක්ෂෙ, මේ පක්ෂෙ නෙවෙයි මම හරීන්ගෙ පක්ෂෙ. ඒකෙ කිසි ගැටලුවක් නෑ, අපි ඉදිරියට එකට තමයි යන්නෙ. ඡන්දෙ ඉල්ලන්නෙත් හරීන් ප්‍රනාන්දු ඇමතිතුමා එක්ක. මට ලාංඡනේ, පක්ෂෙ ප්‍රශ්නයක් නෙවෙයි. එයාත් එක්ක තමයි ඒ ගමන යන්නේ. අපේ වෘත්තීය සමිතියේ එතුමා සභාපතිතුමා, මම මහලේකම්. ඉතින් සභාපතිතුමායි මහලේකම්තුමායි දෙන්නාම එක පැත්තේ තමයි ඉන්න ඕනෙ. ඒකත් අපි තේරුම් අරගෙන තියෙන්නේ. ඒක වෙලාව සහ වැඩපිළිවෙල හරියට බේරාගෙන අපි දෙගොල්ලොම එකට යන්නෙ. ඉදිරියේදී බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වතුකරයත් ගමත් එකතු කරගෙන යන්නේ. අපේ ඉදිරි ගමනත් ඒක තමයි”

වඩිවේල් සුරේෂ් මහතා මේ බව පැවසුවේ ඊයේ (14) සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේදී පැවති සින්නක්කර ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයකට එක්වෙමිනි.

වඩිවේල් සුරේෂ් මහතා පසුගිය දිනවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගත් වෙන වෙනම සාකච්ඡා පවත්වා තිබුණු අතර පිල් මාරුවක් සම්බන්ධයෙන් ඉඟි පළ කරමින් සිටියේය. කෙසේවෙතත් ඔහු හෙට දිනයේදී වෙනම කතාවක් කියයිදැයි හරියටම කීමටත් නොහැක.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...