චීන ජනාධිපතිවරයා පුටින්ව හරසරින් පිළිගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 16,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : චීන ජනාධිපති ෂි ජින්පින් විසින් දෙදින සංචාරයක් වෙනුවෙන් අද(16)දිනයේ චීනයට ගිය රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රතු පලස් එලමින් ඉතාම උණුසුම්ව පිළිගෙන ඇති බව වාර්තා වේ.

පුටින් නව මැතිවරණයෙන් 2030 දක්වා පස්වන වරටත් සිය ධුර කාලය දීර්ඝ කර ගැනීමෙන් අනතුරුව සිය ප්‍රථම සංචාරය වශයෙන් චීනයට පැමිණේ, මෙය වසරකට අඩු කාලයක් තුළ රුසියනේ ජනාධිපතිවරයාගේ දෙවන සංචාරයයි.

චීන ජනාධිපතිවරයා බීජිං හි මහජන ශාලාවේදී පුටින් හමුවීමෙන් අනතුරුව ප්‍රකාශ කර තිබුණේ, අපගේ රටවල සංවර්ධනය සහ පුනර්ජීවනය ඒකාබද්ධව සාක්ෂාත් කර ගැනීමටත්, ලෝකයේ සාධාරණත්වය සහ යුක්තිය තහවුරු කිරීමට එක්ව කටයුතු කිරීමටත් චීනය කැමැත්තෙන් සිටින බවයි.

අනතුරුව රුසියාවේ RIA Novosti ප්‍රවෘත්ති ඒජන්සිය පුටින්ගේ ප්‍රකාශයන් උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ, රුසියාව සහ චීනය අතර සබඳතා අවස්ථාවාදී නොවීම සහ කිසිවෙකුට එරෙහිව යොමු නොවීම තීරණාත්මක වැදගත්කමක් වන බවත්, අපේ රටවල් අතර පෙර නොවූ විරූ ආකාරයේ උපායමාර්ගික හවුල්කාරිත්වයේ ඉහළ මට්ටමක පැවතීම, ජනාධිපති ලෙස බලයට පත්වීමෙන් පසු මා සංචාරය කරන පළමු රාජ්‍යය ලෙස චීනය තෝරා ගැනීම තීරණය කළ බවත්ය.

මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇති අතර මෙවර යුක්රේනය, ආසියාව, න්‍යෂ්ටික සහ බලශක්ති සහයෝගීතාවයේ සිට රුසියාවේ ආහාර සැපයුම් සහ චීන මෝටර් රථ නිෂ්පාදනය දක්වා සබඳතා ශක්තිමත් කරන අංශ පිළිබඳව දෙපාර්ශවය සාකච්ජා කිරීමට සුදානම් වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Game of Thrones හි අනුප්‍රාප්තික කතාවන් ගැන මාර්ටින් ගෙන් ඉඟියක්!

සටහන – පුලී නොවැම්බර් 24, කොළඹ (LNW): මේ නොවැම්බර් මාසයේ...

පාසල් පැසි පන්දු පැස තවමත් විස විහිඳුවමින් ඇත

නිශ්මං රණසිංහ නොවැම්බර් 24, කොළඹ LNW: පාසල් පැසිපන්දු තරගාවලියේ කාන්තා...

බංගලාදේශ යන 17 න් පහළ කණ්ඩායමේ වැඩි පිරිසක් රාජකීයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 24, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 17...

ශ්‍රී ලංකාව ICAO සමඟ සබඳතා ශක්තිමත් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW : ඩුබායි ගුවන් ප්‍රදර්ශනය...