ජනාධිපති ට්‍රම්ප්ගේ මැද පෙරදිග සංචාරය තුලදී ඩොලර් ට්‍රිලියන 10 ක ගිවිසුම් අත්සන් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදී අරාබියාව, කටාර් රාජ්‍ය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කරන ලද සංචාරයේ අවසාන අදියරේදී ඔහු ඩොලර් ට්‍රිලියන 10 ක ලාභදායී තාක්ෂණික, ව්‍යාපාර සහ මිලිටරි ගනුදෙනු සිදුකල බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ගල්ෆ් කලාපයේ දින හතරක සංචාරය අතරතුර අත්සන් කරන ලද අනෙකුත් ගිවිසුම් අතරට කටාර් එයාර්වේස් සමාගමට බෝයිං පුළුල් බඳ සහිත ජෙට් යානා 210ක් දක්වා මිලදී ගැනීමේ ගිවිසුමක් සහ සෞදි අරාබියෙන් එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 600ක් ආයෝජනය කිරීමට සහ ඇමරිකානු ඩොලර් බිලියන 142ක් වටිනා ඇමරිකානු අවි මිලදී ගැනීමක් ඇතුලත් වේ.

මිට අමතරව ජනාධිපති ට්‍රම්ප් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ සිදු කරන ලද ගිවිසුම් සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පිරිනමා ඇති අතර ඔවුන් විසින් අරාබි එමීර් රාජ්‍යයේ කෘතිම බුද්ධි අංශයේ වර්ධනය වෙනුවෙන් ඩොලර් ට්‍රිලියන 1.4 ක් ආයෝජනය කිරීමට සුදානම් බව පැවසේ,

මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය සඳහන් කර තිබුණේ, අවම වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇති තරම් විශාල හා බලවත් එක්සත් ජනපද දත්ත මධ්‍යස්ථානවල ආයෝජනය කිරීමට, ගොඩනැගීමට හෝ මූල්‍යකරණය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කැපවී සිටීම ඇතුළත් බවයි.

මෙම සංචාරය වඩාත් වැදගත් වන්නේ එක්සත් ජනපද ජනාධිපතිවරුන් එක්සත් රාජධානිය, කැනඩාව හෝ මෙක්සිකෝවට සංචාරය කිරීමේ සම්ප්‍රදාය බිඳ දමමින් ට්‍රම්ප් සෞදි අරාබිය ඔහුගේ පළමු ධූර කාලයේ පළමු ප්‍රධාන සංචාරය බවට පත්කරගෙන තිබීමත් ව්‍යාපාරිකයකු වශයෙන් ට්‍රම්ප් සිය සංචාරයෙන් උපරිම ඵල නෙලා ගැනීමත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...