*
Saturday, May 17, 2025
spot_img

Latest Posts

රත්නපුර ක්‍රිකට් පරිපාලනය ක්‍රීඩාංගණ සේවකයන් සමඟ වැඩ අරඹයි

නිශ්මං රණසිංහ මැයි 16, කොළඹ LNW:

රත්නපුර ක්‍රිකට් ක්‍රීඩාවට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් කරන ලද සුවිශාලම ආයෝජනය තණතීරු සහිත මොණරවිල ක්‍රීඩාංගණයයි.මේ කීඩාංගණය ආරම්භ කළ ද,පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් එම ක්‍රීඩාංගණය ඔවුන්ගේ ප්‍රධාන ක්‍රීඩා තරග සටහන්වල තරග පැවත්වීමට යොදා ගත් අවස්ථාවල ගැටළුකාරී තත්ත්වයන් ඇති වූ බව මාධ්‍ය හරහා වාර්තා වුණා.
මෙවැනි තත්ත්වයන් නිර්මාණය වන්නේ කෙසේද යන කාරණය විමසා බැලීමට අලුතෙන් පත් වූ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සිය වැඩ කටයුතු ආරම්භ කරමින් පළමු හමුව එම ක්‍රීඩාංගණයේ සේවක මණ්ඩලය සමඟ පැවත්වීමට පියවර ගෙන තිබුණා.එය වටිනා පියවරක් හැටියට සැළකිය හැකියි.


රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ පැවති පරිපාලනය නිලවරණයක් නොපවත්වා එහි ඇතැම් කටයුතු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට පිළිතුරු මඟ හරිමින් විවිධ හේතු මවා පාමින් කටයුතු කරනු ලැබුවා.මේ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ද පැමිණිලි ගලා ආ අතර ඒ අනුව ඔවුන් ද මැදිහත් වී නිලවරණය පැවත්වීමට අවශ්‍යය පරිසරය සකසා දුන්නා.එහිදී නිතරගයෙන් පත් වූ නව පරිපාලනය විසින් බලයට ඒමට පෙර ඉතිහාසයේ යම් අයෙකු රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ වටිනාකම් අයුතු ලෙස භාවිතයට ගෙන ඇද්ද යන්න විමසා බලා ඊට අවශ්‍යය පියවර ද ගත යුතුව තිබෙනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan