*
Saturday, May 17, 2025
spot_img

Latest Posts

ආසියානු සභාපති හදන්නේ ලංකාවේ නීතියටත් උඩින් වැඩ කරන්නද ?

නිශ්මං රණසිංහ මැයි 16, කොළඹ LNW:

රටක නීතිපතිවරයාට පිටපතක් ලැබෙන පරිදි ආසියානු ක්‍රීඩා සංගමයක සභාපතිවරයෙක් ලිපියක් ලිවීම නීතිපතිවරයාගේ ධූරය හෑල්ලු කිරීමකි.රගර් ක්‍රීඩාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට බලපෑම් කරමින් ආසියානු සභාපතිවරයා ලෝක රග්බි පරිපාලනයේ ද සහය ලබා ගනිමින් මේ ආකාරයට කටයුතු කිරීමට අවශ්‍යය පසුබිම සකස් කරන්නේ කවුරුන්ද යන්න ද විමසා බැලිය යුතුය.
නවසීලන්ත රගර් කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ දී ලංකාවේ රගර් පරිපාලනය මෙහෙයවන තැනත්තාට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින මොහොතේ,නීතිපතිවරයාව ඔහුගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ඉසව්වක ආරාධිතයෙකු වීම සදාචාරසම්පන්ණ නැති බව අපි පෙන්වා දුන්නෙමු.ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වන තැනම ආසියානු සභාපතිවරයා පවතින ව්‍යවස්ථාව වෙනස් කරන්නට ක්‍රීඩා අමාත්‍යවරයාට මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියාටද බලපෑම් කරමින් ලිපියක් ලියමින් එහි පිටපතක් නීතිපතිවරයාට ද යොමු කර ඇත.

එයින් ගම්‍ය වන්නේ අධිකරණය මඟින් අධිකරණයේ එකඟතා නොසළකා හැර ආසියානු සභාපතිගේ ලිපියට අනුව කටයුතු කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එයින් අධිකරණයට අපහාස කළා යැයි හැඟෙන බවට එල්ල වී ඇති චෝදනාව නිශ්ප්‍රභා කිරීමට නීතිපතිවරයාට බලපෑමක් ඇති කිරීම නොවේද?


තමන්ගේ පදයට අනුව නටන ලාංකේය බලධාරීන් නීතිපතිවරයාව රගර් තරගයට කැඳවමින් දුන් සංඥාව පියවරක් ඉදරියට ගෙන යමින් ආසියානු සභාපතිවරයා, රටේ නීතිය ඉදිරියේ නීතිය නොසළකා හැරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අධිකරණයට අපහාස කර ඇතැයි යන කාරණය ප්‍රධාන කරගෙන නඩුවක් විභාග වෙමින් පවතිද්දී එම නඩුවේ තීන්දුවේ හැඩය මේ ආකාරයට විය යුතුය යනුවෙන් නියෝග මාලාවක් පනවමින් ලියා ඇති මේ ලිපිය ගැන රටේ නීතිය සහ නීතිපතිවරයා හෑල්ලුවට ලක්වන අයුරෙන් මවා පෙන්වීම ගැන ශ්‍රී ලංකාවේ රගර් බලධාරීන්ද,ඔවුන් හරහා ආසියානු සභාපතිවරයා ද ශ්‍රී ලංකා අධිකරණයෙන් සමාව ගත යුතු නොවේද?


//මෙම කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීමෙන් ශ්‍රී ලංකා රග්බි ආසියානු රග්බි එමිරේට්ස් පිරිමි ශූරතාවලියෙන් බැහැර කිරීමට හේතු වන බවත්,වහාම සම්බාධක පැනවීමට හේතු විය හැකි බවත් අපි ගෞරවයෙන් නැවත අවධාරණය කරමු,//මේ රටේ නීතිපතිවරයාට පිටපතක් සමඟ ආසියානු සභාපතිවරයා යොමු කරන ලිපියේ කොන්දේසි සහ බලපෑම්වල ස්වභාවයය.අනතුරු හැඟවීමය.


කුමන හෝ ක්‍රීඩාවක බලධාරියෙක් රටේ අධිකරණ පද්ධතියට අනුව ක්‍රියාත්මක නීතිය නොසළකා හැරීම සම්බන්ධයෙන් වන නඩු විභාගයක් රටේ නීතියට අනුව නොව අපේ නියෝග මාලාවන්ට අනුව ඉටු කරන්නට කීම ඒ රටේ නීතිපතිවරයාටත්,පොදුවේ නීතියටත් කරන දැවන්ත අපහාසයක් වන අතර මෙය වහාම රටේ පාර්ලිමේන්තුව විසින් සාකච්ඡාවට ගත යුතු මාතෘකාවකි.පවතින නීතිය අනුව පත්වන පරිපාලනයකට,ආසියානු සහ ලෝක පරිපාලන සමඟ එකඟතා ඇති කර ගනිමින් ව්‍යවස්ථාව වෙනස් කරන්න සාකච්ඡා කිරීම කළ හැකිව තිබියදී,ඉන් මෙ‘පිටින් රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන් සහ නීති කේෂ්ත්‍රය තමන්ගේ උවමනාවට නමා ගෙන අලුත් ව්‍යවස්ථාව ගෙන එන්නට ආසියානු සභාපතිවරයාට ඇති උවමනාව කුමක්ද යන්න අවබෝධ කර ගන්නට ඉතිහාසයට එබී බැලිය යුතුය.
මේ නාමල් රාජපක්ෂගේ පාලනය කාලයේ ඔහුට හිතවත්ව රටේ රගර්වල කීර්තිය විනාශ කරන ලද පිරිසට නැවත රගර් හී බලය පැවරීමට ගත් උත්සාහයේ දිගුවකි.එම අපකීර්තිමත් ඉතිහාසයට හිමිකම් කියන පරිපාලනයේ ප්‍රධාන විධායකයා අද ක්‍රීඩා ඇමතිවරයා පත් කළ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිය.එහි සභාපතිවරයා මෙන්ම ලෙක්ම්වරයාද කිසිඳු රජයක්,ලෝක රග්බි විසින් වරද ඔප්පු වී දඩ පමුණුවා තිබියදීත් ඔවුන්ට එරෙහිව කිසිවක් නොකළ නිසා අද ආසියානු සභාපතිගේ ආශිර්වාදයෙන් ආසියානු වගකීම් දරන්නෝය.අමාත්‍යවරයා පවුම් 50000 සහ රාජපක්ෂ කියමින් ඒ වෙනුවෙන් වැඩ කළ පිරිස සමඟ ආසියානු සභාපතිට අවශ්‍යය විදිහට හුරතල් වෙමින් සිටිනු විනා ක්‍රියාමාර්ගයක් නොගනියි.ලොකුම අර්බූදය ඇත්තේ ලංකාවේ නීතියට අනුව ඔප්පු වූ වරදට දඬුවම් නොකර ඔවුන්ට මේ රජය යටතේ ආශිර්වාද කිරීමය.එම නෝන්ජල්කම ආසියානු සභාපතිවරයා තේරුම් ගෙන ඇත්තේ ලංකාවේ සමස්ත පද්ධතියම ඒ ආකාරයෙන් හසුරුවන්නට තමන්ට හැකි වෙනු ඇතැයි කියා ය.එහි ප්‍රතිපලයක් වශයෙන් නීතිපතිවරයාට ද පිටපතක් සමග ලංකාවේ රගර් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන නිර්දේශ,නියෝග සහිතව බලපෑමක් කරන්නට ඉදිරිපත් වී ඇති බව සිතිය හැකිය.


රගර් පරිපාලනයේ නීතින් සහ ලෝක සම්ප්‍රදායන් ඉක්මවා රටක පවතින ව්‍යවස්ථාවට අනුකූලව බලය හිමි පිරිස් ඉන් පළවා හැර පිටස්තර පිරිසක් අතින් ව්‍යවස්ථාව වෙනස් කරවා ගැනීමට නීතිපතිවරයාගෙන් පෙළඹවීමක් ලබා ගැනීම ද යන්න ද සැක සහිතය.නීතිපති පාරින්ද රණසිංහ ගේ පියා නීති කේෂ්ත්‍රයේ ඉහළම තනතුර පිහිටුවන්නට ඉතිහාසයේ දී ගන්නා ලද තීරණය සහ ඉතාම තීරණාත්මක මොහොතක දේශපාලන බලපෑම්වලට යටත් නොවී ඔහු එය ඉටු කළ ආකාරය පරමාදර්ශි කර ගැනීමට හැකිය.


ඒ නිසා නීතිපතිවරයා රටේ නීතියේ ආධිපත්‍යය සහ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය නීති පොත්වලින් පමණක් නොව ලෙයින් ද උගත් අයෙකුය.මේ වන විට ඇතැම් අය රාජකීය මට්ටමෙන් පවතින පාසල් සබඳතා වැනි කරුණු ද නීතිපතිවරයාට ආසියානු සභාපතිවරයාගේ උවමනාව වෙනුවෙන් සම්බන්ධ කරන්නට උත්සාහ කරන බව කොළඹ හතේ පැවත්වෙන් රගර් සාදවලදී ද කතාවන දෙයක් වී ඇත.එහෙත් රටේ නීතිය යනු පාසලක,කණ්ඩායමක,ක්‍රීඩා සමාජ කිහිපයක බූදලයක් බවට පත් කර දෙන්නට කටයුුතු කිරීමෙන් විය හැකි හානිය ගැන අවධානය යොමු කර සිය පියා තමන්ට ඉතිරි කර තැබූ කීර්තිමත් උරුමය තමන්ගෙන් පසු පරම්පරාවටද උරුම කර දෙන්නට නීතිපතිවරයා පසුබට නොවනු ඇතැයි සිතිය හැකිය.


මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා තේරුම් ගත යුතුව ඇත්තේ තමන් වැරදි මිනිසුන් දේශපාලනිකවද ක්‍රීඩාවටද අදාළව තෝරා ගෙන ආසියානු සභාපතිවරයා ඉදිරියේ කෙතරම් නීහීන ආකාරයකට හැසිරී ඇද්ද යන්නය.එයට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මීට පෙර සිටි ඇමතිවරු තල්ලු කළ ආකාරයෙන්ම තමන්වද තල්ලු කර දේශපාලන පෞරුෂය මෙන්ම ආත්ම ගරුත්වයද කාබාසිනියා කර ඇති බව තේරුම් ගැනිම වැදගත්ය.ඒ නිසා තමන් වැනි දේශපාලකයන්ගේ නමනීය හැසිරීම නිසා අද වන විට ආසියානු රගර් සභාපති රටේ නීතිපතිවරයාට අපහාස වන ආකාරයට හැසිරීමෙන් නොනැවතී ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපතිට ද,රටේ ඇමතිටද වැඩ කළ යුතු ආකාරය පිළිබඳව නියෝග නිකුත් කර ශ්‍රී ලංකාවේ ගෞරවයත්,නීතියේ ආධිපත්‍යයත් පහත හෙළා ඇත.
තව දුරටත් පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂට විහිළු කරන්නට පවුම් 50000 ගැන කියමින් සිටින්නේ ද,ඊට වගකිව යුතු නිලධාරීන්ට දුන් තනතුරු හකුලා ගන්නේද සහ වැරදි කළ අයට මේ රටේ ක්‍රීඩාවෙන් තනතුරු දරන්නට ඇති අයිතිය අහෝසි කරන්නේද යන්න ගැන අපි විමසිලිමත්ව සිටිමු.එවිට ආසියානු සභාපතිවරයා මේ කරගෙන යන බලපෑමෙන් ඔහු උත්සාහ කරමින් සිටින පුද්ගලයන් මෙරට රගර් පරිපාලනයට ගෙන එන්නට ඇති උවමනාව බිංදුව පවට පත් වෙනු ඇත.මීට පෙරද අමාත්‍යංශ ලේකම්වරයා හරහා මෙහි වගකීම ඒ අයට පවරා ලිපියක් ලියන තැනටම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශය රැඟෙන ආ බවත්,එය හෙළිදරව් වීමෙන් පසුව හකුලා ගත් බවත් අපි අත්දැකීමෙන් දන්නෙමු.
මේ සියල්ල තුළ ලංකාවේ නීතිය හැල්ලුවට ලක් කරමින් රටේ ඔලිම්පික් කමිටු සභාපතිවරයාට වැඩ කළ යුතු ආකාරය දක්වමින් ලිපි ලියන්නටද ආසියානු රගර් සභාපතිට නොහැකිය.රගර් හී නියෝජිත ක්‍රීඩාවක් හැටියට ඔලිම්පික් සංචිතය ඒ යටතේ පවතින්නේ නැත.ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස රගර් පවතින නිසා රගර් ක්‍රීඩාව ඔලිම්පික් නියෝග පිළිපැදිය යුතුය.ආසියානු සභාපතිවරයාගේ කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ගලවා දමා කාල සටහන සකස් කළ අවස්ථාවේ රගර් යනු ඔලිම්පික් ක්‍රීඩාවක් බව ආසියානු ඔලිම්පික් ප්‍රධානීන් ආසියානු රගර් සභාපති ක්වයිස් අබ්දුල්ලා අල් දලායිට පෙන්වා දුන් අයුරු අපට මතකය.


මෑත කාලයේ දී වංචාවන්ට එරෙහිව සෘජුව පෙනී සිටි ශ්‍රී ලංකා ඔලිම්පික් සභාපතිවරයා ද තමන්ගේ රටේ ක්‍රීඩාවකට සහ නීතියට බලපෑම් කරමින්,රටට අපකීර්තියක් ගෙනා පුද්ගලයන් බලයට ගෙන ඒම සඳහා සැළසුම් සකස් කරන ආසියානු සභාපතිවරයාගේ නියෝග ඉදිරියේද අභිමානවත් ලාංකිකයෙකු ලෙසම හැසිරෙනු ඇතැයි යන්න අපේ බලාපොරොත්තුවය.රටේ රගර් ක්‍රීඩාවට වැරදි කළ නිලධාරීන්ට රටට ලෝක රග්බි වෙතින් ලැබෙන මුදලින් දඩ ගෙවන්නට පහසුකම් සකස් කළ ඩේවිඩ් කැරිගි වැනි නිලධාරීන් ද සමග ආසියානු සභාපතිවරයා ගෙන යන මෙම ක්‍රියාදාමට පිළිතුරු දීමට ජපානය ඇති කර ගත් කොන්ද ලංකාවේ ක්‍රීඩා පාළකයෝද ඇති කර ගත යුතුය.ජපනාව විශාල හෝ ලංකාව කුඩා නිසා රටක නීතිය සහ අභිමානය ඒ ප්‍රමාණයන්ගෙන් සළකා පරගැති විය යුතු නැති බව පාලකයෝ තීරණය කළ යුතුය.


අල් දලායි මේ ශ්‍රී ලංකාවට නියෝග පනවන්නේ ඔහුගේ පාලනය ඇතුළේ යහපත් විශ්වසනීය පාලනයක් නැති බව සනාත වී තිබියදීය.ජපානය සම්බන්ධයෙන් ඔහු ඇතුළු කණ්ඩායම ගත් තීරණ හකුලා ගන්නට ලෝකය පරීක්ෂණයකින් පසුව නියෝග කර තිබියදී තමන්ගේ කඩතොළු එසේම තිබියදී ලංකාවේ නීතියද කඩතොළු කරමින් ශ්‍රී ලංකාවේ රගර් හදන්නට දඟළන මේ හාදයාගේ අවංකභාවය මුළු හදවතින් පිළිගන්න ක්‍රීඩාවේ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන බලධාරීන් සිටීම ජපානය සහ අප අතර ඇති වෙනසය.රට වෙනුවෙන් රටේ නීතිය වෙනුවෙන් රටේ යහපාලනය වෙනුවෙන් සටන් කරන්න.වසර ගණනක ලාංකේයත්වය ගැන කියා වැඩ කරපු කදවුරක මිනිසුන් ලංකාවේ නීතියද ආසියාකරයේ සල්ලිකාරයන්ගේ දෙපතුළට පාපිසි සේ තැබීමට ඉදිරිපත් විම කෙතරම් හිරිකිත ද?

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan