අධිකරණ අමාත්‍ය ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට ලැබෙනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ඒ මහතා වෘත්තියෙන් නීතීඥවරයෙකු ද වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ඒ මහතා පසුගිය ජනවාරි 04 වනදා එම තනතුරින් ඉවත් කෙරුණේ දෙල්කඳ පොලේදී ආණ්ඩුව විවේචනය කරන ප්‍රකාශයක් මාධ්‍ය වෙත ලබාදීම නිසාය. පසුව ඒ මහතා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමග ද කටයුතු කළේය.
RN