ගෝඨාගෝ ගමට පහර දුන්නෙ එක්කෙනයිද ? – රුවන් විජයවර්ධන පොලිස්පතිගෙන් අසයි

Date:

පසුගිය 09 වැනිදා රටපුරා ඇති වූ කඩාකප්පල්කාරී සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය යුහුසුලුව කටයුතු කරන නමුත්, එම සිදුවීම්වලට පෙර ගාලුමුවදොර ඉදිරිපිට පැවති සාමකාමී උද්ගෝෂණයට පහර දී ජනතාව කුපිත කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන්නේ මන්දැයි විමසමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඔහු පවසන්නේ පොලීසියේ ක්‍රියාකාරීත්වය සාධාරණ ලෙස සිදු නොවන බවයි.

අරගලයට පහර දුන් සහ එම පහරදීම සඳහා ජනතාව මෙහෙය වූ ප්‍රධාන පුද්ගලයන් සම්බන්ධයෙන් සාක්ෂි හා තොරතුරු තිබියදීත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම බරපතල ගැටලුවක් බවද එජාප නියෝජ්‍ය නායකයා පවසනවා. මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් පවා ගොනුකර ඇති බවයි ඔහු සිය ලිපියෙන් අවධාරණය කරන්නේ.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ, ජ්‍ෂේඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද පසුගියදා ප්‍රහාරයකට ලක් වූ අතර එම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් ඉතා කෙටි කාලයක් තුළ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වූ බව පෙන්වා දෙන රුවන් විජයවර්ධන මහතා පවසන්නේ එම කාර්යක්ෂමතාවය, ගෝඨාගෝ ගම අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නොපෙනෙන බවයි.

ඊයේ උදෑසන එක් පුද්ගලයෙකු පමණක් අත්අඩංගුවට ගෙන ඇති නමුත්, මෙම ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයක් සියලුදෙනා තවමත් නිදැල්ලේ කටයුතු කරන බවත්, මෙය අතිශය කණගාටුදායක තත්වයක් බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

ගෝඨාගෝ ගම අරගලකරුවන් සමග සාකච්ඡා පවත්වා ඒ හරහා විසඳුම් ලබා ගැනීමේ වගකීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුවන් විජයවර්ධන මහතාට පවරා ඇති අතර අරගලකරුවන් සමග සාකච්ඡා කිරීමට පෙර ඔවුන්ට පහරදුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම අත්‍යවශ්‍ය බවද එජාප නියෝජ්‍ය නායකයා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...