ඇමතිකම් ගන්න ගිය ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයින්ගේ තැත වරදී – පක්ෂයේ තීරණය දයාසිරි රනිල්ට කියයි

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාව අද (16) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වී තිබේ.

ශ්‍රීලනිපය නියෝජනය කරමින් ඊට සහභාගී වී ඇත්තේ රංජිත් සියඹලාපිටිය සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් පමණි.

එහිදී ඔවුන් දැනුම් දී ඇත්තේ ඇමතිකම් ලබාදී සිය පක්ෂය දෙකඩ කර ආණ්ඩුවට මන්ත්‍රීවරුන් ලබාගැනීමට උත්සාහ නොකරන ලෙසයි. එසේ කළහොත් ආණ්ඩුවට වැඩිදුර යෑමට නොහැකි වනු ඇතැයි ඔවුන් ප්‍රකාශ කර ඇති බවත් සඳහන්.

ඒ අනුව ශ්‍රීලනිපය ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් නොවී විපක්ෂයේ සිට ආණ්ඩුවේ හොඳ දේට සහාය ලබාදෙනු ඇති බව ප්‍රකාශ කර ඇති දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට සහාය දෙන ආකාරය පිළිබඳ තීන්දු ගැනීමේ සම්පූර්ණ බලය මෛත්‍රීපාල සිරිසේන මහතා සතුවිය යුතු බවත් ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

ඊයේ දිනය වනවිට දැනගැනීමට ලැබී තිබුණේ ශ්‍රීලනිපයේ පස්දෙනෙකුට ඇමතිකම් හිමිවනු ඇති බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...

මානසික පීඩාවන්ගෙන් පෙළෙන වැඩිහිටියෙකු බිහිවන්නේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වැඩිහිටි...

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...