පළාත් 4කට මි.මී. 100 තද වැසි – අද (17) කාලගුණය

Date:

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද (17) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...

කාලගුණයේ යළිත් වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 28) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න. අපිත් සහයෝගය ලබා දෙන්නම් – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...