වැලිවේරිය ඝාතන නඩුවේ තීන්දුව අද

Date:

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ වැලිවේරිය ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

එම නඩු තීන්දුව පසුගිය අප්‍රේල් 30 දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබිණු නමුත් එය මැයි 17 වනදා දක්වා කල්තැබීමටයි එදින ගම්පහ මහාධිකරණය නියම කරන ලද්දේ.

පැමිණිල්ල සහ විත්තිය යන දෙපාර්ශ්වයේම ලිඛිත දේශන ප්‍රමාද වීම හේතුවෙන් මෙසේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල්ගිය බව සඳහන්.

ගම්පහ, වැලිවේරිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් එම ප්‍රදේශවාසීන් 2013 අගෝස්තු 01 වනදා වැලිවේරිය නගරයේදී උද්ඝෝෂණයක නිරත වූ අතර එහි කඩාවැදුණු බ්‍රිගේඩියර්වරයකු ප්‍රමුඛ යුධ හමුදා කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩිතැබීමකින් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් තරුණයකු මරුමුවට පත්වූ අතර තවත් පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බ්‍රිගේඩියර්වරයා ඇතුළු හමුදා සාමාජිකයින් සිව් දෙනෙකුට එරෙහිව අධිචෝදනා 94ක් ගොනුකරමින් මෙම නඩුව පවරා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...