*
Thursday, June 13, 2024
spot_img

Latest Posts

සූරතාවයට සහ අනු සූරතාවයට තරග කිරීමේ අවස්ථාව වෙනුවට ශ්‍රී ලංකාවට තුන්වන ස්ථානයට තරග කිරීමේ අවස්ථාව

සටහන – නිශ්මං රණසිංහ

මැයි 17, කොළඹ (LNW): ශ්‍රී ලංකාව මධ්‍යම ආසියානු තරගාවලියේ සූරතාවය සම්බන්ධ තරගයට පිවිසීමටනම් ටර්කමනිස්තානය සමඟ වූ තරගය ජයගත යුතුව තිබිණි.එහෙත් එය සිදු වුයේ අනිත් පැත්තටය.ටර්කිමනිස්තානය ඉදිරියේ නොසිතු විරූ වට 3-0 ක පරාජයක් භුක්ති විඳින්නට ශ්‍රී ලංකාවට සිඳු විය.


ඒ අනුව තරග දෙක බැඟින් පරාජය වී සිටි ටර්කිමනිස්තානය සහ කිරිගිස්තානය අතරින් වඩා ඉදිරියෙන් සිටි ටර්කමිනිස්තානයට අවසාන තරගයත් කිරිගිස්තානයට තෙවන ස්ථානය සඳහා වන තරගයත් හිමි විය.එවිට කිරිගිස්තානය සමඟ තරග කිරීමට තරග 3 බැඟීන් පරාජය වී සිටි ඉරානය සහ ශ්‍රී ලංකාව අතරෙන් වඩාත් ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකාව බැඟීන් තෙවන ස්ථානය සඳහා තරග කරන්නට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීය.
බොහෝ දෙනෙකු ආසියාවේ පිරිමි වොලිබෝලයේ මේ මොහොතේ ඉදිරියෙන්ම සිටින ඉරාන වොලිබෝලය පරාජය කළායැයි උදම් ඇණුවාට තත්ත්වය වෙනස්ය. ශ්‍රී ලංකාව ඇතුළු මධ්‍යම ආසියාවේ රටවල් මෙම තරගාවලියට ඉරානය බාල කණ්ඩායමත් එවා අනිත් කණ්ඩායම් පහත් කොට සැළකීමට උත්තර ලෙස මුල් ස්ථාන හතරටවත් පැමිණීමට ඉඩ නොදී ඉරානය ගෙදර යවා ඇත.ශ්‍රී ලංකාවත් මේ තරගාවලියට සහභාගි වූයේ කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයින් නොමැතිවය.එය ද අඩු පාඩුවක්ය.


සමහර විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ට වෘත්තීය මට්ටමෙන් ක්‍රීඩාවෙන් උපයන්නට ඉඩක් නොමැති අතර සමහර විට තමන්ගේ ක්‍රීඩා පෞරුෂය ගොඩ නැඟූ පුහුණුකරුවන් පවා එවැනි තත්ත්වයක ඉහළට යන විට ක්‍රීඩකයන්ට අමතක වන්නේ ලංකාවේ ක්‍රීඩා සංස්කෘතිය තුළය.එවිට රටක් නියෝජනය කිරීමේ කාර්යය හිස් අතින් කරන වැඩක් වීම වෘත්තිය මට්ටමේ බරට පහළින් දැනීම ඇති විය හැකි තත්ත්වයකි.එය ක්‍රිඩකයා මතම වගකීම පැනවෙන වගකීමක් නොකොට හඳුනාගත යුතු ලක්ෂණයකි.ක්‍රීඩකයා දෙස නොව පුහුණුකරුවා දෙස,කණ්ඩායම දෙස බලා කණ්ඩායමේ අවස්ථාව තීරණය වන සංස්කෘතියක මෙරට නිහඬ වූ ක්‍රීඩකයෝ ද,ක්‍රීඩිකාවෝ ද වෙති.
මේ කණ්ඩායමට එකතුවීමට නොපැමිණි ක්‍රීඩකයින් හැරුණු විට කණ්ඩායම තුළ විශාල අඩුවක් දකින්නට නොලැබුණු අතර කණ්ඩායමක් හැටියට තමන්ගෙන් නිවැරදි දේ සිඳු නොවුණු බව කණ්ඩායම පිළිගැනීමට නිහතමානිවීම වැදගත්ය.ශ්‍රී ලංකාවේ සැබෑ දක්ෂතාවය අනුව ජය ගැනීමට තිබුණු කණ්ඩායම් දෙකකට පරාජය වූ බව මේ තරගාවලියේ දක්ෂතා අනුව පැහැදිළිය.ආරම්භක තරගයේදී කිරිගිස්තානයට පරාජය වීම මෙන්ම අවසානය මුහුණ දුන් ටර්කිමෙනිස්තානයට පරාජය වීම එම පරාජයන් දෙකය.අප අවසාන තරගය සහ තෙවන සිව්වන තරගවලට කණ්ඩායම් තේරෙන තරගවලට පෙර ලියූ සටහනේ පහත දැක්වෙන ආකාරයේ සටහනක් තැබුවේය.


// පන්දුව ලබා ගැනීමේදී ශ්‍රී ලංකාව දක්වන හැකියාව තීරණාත්මක තරගයේ දී ලිබරෝ ක්‍රිඩකයා පමණක් නොව සියලුම ක්‍රීඩකයින් සියයට සියයක් අවධානයෙන් යුතුව නිවැරදිව කළ යුතු දෙයක් වනු ඇත.//


(සම්පූර්ණ සටහනට https://sinhala.lankanewsweb.net/05/16/111451/) තරගය නැරඹුවේනම් මේ මූලික ගුණාංගය පවා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගොස් තිබුණු බවක් දකින්නට ලැබිණ.කුමක්දෝ අලස කමකින් ඔවුන් ටර්මකිස්තාන තරගයේ දී පෙළුණු බවක් පැහැදිළි වූ අතර ජයග්‍රහණයේ අපේක්ෂාව සියයට සියයක් චලනයන් තුළින් දකින්නට නොලැබිණ.කුමක්දෝ ප්‍රබෝධයේ අඩුවකින් හැසිරීමට අභ්‍යන්තරයේ අර්බූදයක් පැවතුණේ ද යන්න අප නොදන්නා අතර කෙසේ හෝ පරාජය යනු නින්දාවට කාරණයක් නොවන බැවින් එහි ඇති අධ්‍යාපනය ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස උකහා ගැනීම වැදගත්ම කාරණය වන්නේය.


දක්ෂ පුහුණුකරුවෙක් වූ චන්න ජයසේකර මේ මොහොතේ තරගාවලියේ තෙවන තැන වෙනුවෙන් කණ්ඩායම සැකසීමට පසුබට නොවනු ඇත.තරගාවලියේ ආරම්භයේදීම වරද්දාගත් තැන නිවැරදි කර ගන්නට ශ්‍රී ලංකාවට කිරිගිස්තානය ඉදිරියේ ලැබෙන ඉඩ අත නොහරින්නට දීප්ති ඇතුළු කණ්ඩායමත් චන්න ප්‍රමුඛ පුහුණු සංයුතියත් සැළසුම් කර තිබෙන බව සැක නැත.ක්‍රීඩාවේදී සරල රේඛීය ගමන් නැත.ඟඟක් මෙන ගලන බාධක සහිත ගමන් මඟකි.ඒ නිසා ජයග්‍රහණය යනු ස්ථාවර දෙයක් නොවන අතර වඩා වැදගත් පරාජය වුව ද දක්ෂතා ස්ථාවරව තිබීමය.


එහෙත් ජාතික කණ්ඩායමට වඩා ජාතික සංචිතය යන්න නොවෙනස්ව ස්ථාවරව ස්ථාවර පුහුණුකරුවන් යටතේ පැවතිය යුතු එකකි.තරගාවලියෙන් තරගාවලියට ජාතික කණ්ඩායම සඳහා සංචිත කැඳවිම පසෙකලා ජාතික සංචිතය ස්ථාවරව පවතින්නට දී එය අලුත් වන මඟක් ඇති කරනු විනා තරගාවලියෙන් තරගාවලියට කණ්ඩායම් තැනීම රටක ක්‍රීඩාවට යහපත් දෙයක් නොවන්නේය.යම් කිසි ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර මට්ටමට තරග කරන්නට යන්නේනම් එය ආශිර්වාදයකි.එහෙත් කණ්ඩායමේ ජාතික පුහුණුකරුවා මෙන්ම තණ්ඩායමේ කළමණාකරු ද,පුහුණුකරුවාට පෞද්ගලිකව කළමණාකරුවෙක් වේ නම් ඔහු සහ විදේශ කණ්ඩායම් පුහුණුකරුවන් සමඟ ද සෘජු සබඳතාවන් පවතින ජාලයක් නිර්මාණය විය යුතුය.


එසේම එම ක්‍රීඩකයින් වෘත්තීය මට්ටමෙන් ක්‍රීඩා කරන රටේ එම කණ්ඩායම් සතුව සිටින වෛද්‍ය කණ්ඩායම් සහ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකය සමඟද සබඳතා තිබිය යුතු වන්නේය.එසේ නොවන තත්ත්වයක ක්‍රීඩකයාගේ ක්‍රීඩකයාද නොදන්නා අර්බූදයකින් රටම අර්බූදයට යා හැකි අවස්ථාද නිර්මාණය විය හැකිය.එවැනි ස්ථාවර සැළසුමකට යන්නට මේ තරගාවලිය පාර පෙන්නන කරුණු බොහොමයක් එකතු කළ තරගාවලියක් ලෙස සළකා ගත යුතු පාඩම් ගෙන සැළසුම් සකස් කළ යුතු වන්නේය.සංචිත,ජාතික කණ්ඩායම අලුත් විය හැකි වුව ද,ජාතික පුහුණුකරුවන් යටතේ ස්ථාවරව පවතින ජාතික සංචිතයක් නිරන්තරයෙන් පැවතිය යුතුය යන්න සැළකිල්ලට ගෙන කටයුතු කිරීම වැදගත්ය.තරගාවලි නම් කළ විට එන කණ්ඩායම් සංචිතවලින් පළ නෙලා ගන්නට යාම අසීරුය.


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan