2020 වසරේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ වැටළීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 491ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 431ක් සමග මෙරටදී අත් අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයින් 09 දෙනෙකුට වසර 10 බැගින් සිරදඬුවම් පැමිණවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
ඒ, අදාළ පාකිස්ථාන ජාතිකයින් විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව ය.
මෙම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ව පාකිස්ථානය වෙත පිටුවහල් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙන බවයි පොලීසිය සඳහන් කරන්නේ.
RN