*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මැතිවරණ ගැන තීන්දු ගන්න කැබිනට් මණ්ඩලයට බෑ.කැබිනට් එක ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා!

කොළඹ LNW:මැතිවරණයක් කල් දැමීම,නාමයෝජනා අවලංගු කිරිම කැබිනට් මණ්ඩලයට තීරණය කළ නොහැකි බවත් එම කටයුතු සිදුකළ යුත්තේ මැතිවරණ කොමිසම බවත් මේ සම්බන්ධයෙන් මැතිවරණය කොමිසම වහාම ප්‍රකාශයක් නිකුත් කළ යුතු බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මැතිවරණ කොමිසමේ නිර්දේශ නැතිව කැබිනට් මණ්ඩලය පළාත් පාලන ආයතනවල නාමයෝජනා අවලංගු කිරීමට තිරණය කිරිම හෝ ක්‍රියාකිරිම බරපතල ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

ඉදිරි මාස කිහිපය තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පවත්වා එම ආයතන මහජන නියෝජිතයන්ට භාර දීමට කටයුතු කරන බවත් තිස්ස අත්තනායක මහතා කියාසිටියි.

‘‘පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරිම පිළිබඳව සලකා බලන්න කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. එය බරපතල ප්‍රකාශයක්. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තිබෙන රටක , නිදහස් සාධාරණ මැතිවරණ කොමිසමක් තිබෙනවා යැයි කියන රටක නාමයෝජනා කැඳවීම හෝ අවලංගු කිරිම කැබිනට් මණ්ඩලය කොහොමද තීරණය කරන්නේ. ඒක මැතිවරණ කොමිසම තිරණය කළ යුතු කාරණයක්. මැතිවරණ කල් දා තිබෙන්නේ මැතිවරණ කොමිසමේ අවශ්‍යතාවයක් නිසා නෙවෙයි. ආණ්ඩුව මැතිවරණ ප්‍රතිඵලයට බයේ තමයි පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට කටයුතු කළේ. වසරකට වැඩි කාලයක් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනවා. පළාත් පාලන මැතිවරණය නොපවත්වා ඉන්න ආණ්ඩුවට පුලුවන්ද?

ආණ්ඩක්‍රම ව්‍යස්ථාවේ ජනතාවට ලබාදී ඇති ඉහළ අයිතිය ඡන්ද අයිතිය. සර්ව ජන ඡන්ද අයිතිය කැබිනට් මණ්ඩලය උදුරගන්න බෑ. සර්ව ජනඡන්ද අයිතිය ජනතාවට තිබෙන මූලික අයිතිවාසිකම්වලින් එකක්. ඒ අයිතිය රජය විසින් පැහැරගෙන තිබෙනවා. පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය මේ වනවිට නොපවත්වා සිටින්න ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා. මෙය බරපතල වරදක්. සර්ව ජනඡන්ද අයිතිය ආණ්ඩුව හිතා මතාම පැහැරගෙන තිබෙනවා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිමක්.

රටේ ආර්ථිකය හොදවේගන එනවානම් පළාත් පාලන මැතිවරණය පවත්වා නියෝජිතයන්ට පළාත් පාලන ආයතන පාලනය කරන්න ලබාදිය යුතුයි. නිලධාරින් හරහා පළාත් පාලන ආයතන සහ පළාත් සභා පාලනය කරන්න ආණ්ඩුව උත්සහ කිරිම හරහා මහජන අයිතිවාසිකම් උදුරාගැනීමක් සිදුවෙමින් තිබෙනවා.

ඒ නිසා මැතිවරණ කොමිසමේ නිර්දේශ නැතිව කැබිනට් මණ්ඩලය පළාත් පාලන ආයතනවල නාමයෝජනවා අවලංගු කිරිමට තිරණය කිරිම හෝ ක්‍රියාකිරිම බරපතල ව්‍යවස්ථා උල්ලංඝනය කිරිමක්. එය මහජනතාවට සිදුකළ බරපතල අසාධාරණයක්. ආණ්ඩුවට මැතිවරණ කොමිසමේ නිර්දේශවලට අනුව ක්‍රියා කරන්න තිබුණා.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා දුන්න විශාල පිරිසක් සිටිනවා. ඔවුන් භාර දුන්න ඇප මුදල් විශාල ප්‍රමාණයක් වරකට වැඩි කාලයක් රඳවගෙන තියාගෙන තිබෙනවා. ඒ හරහා නාමයෝජනා බාර දුන් පිරිසට විශාල පාඩුවක් සිදුවුණා. මැතිවරණ කොමිසම ඒ සඳහා වියදම් කරපු මුදල්. මේ හරහා විශාල මුදල් නාස්තියක් සිදුවෙලා තිබෙනවා. මේ සඳහා රජය වගකිව යුතුයි.

පළාත් පාලන මැතිවරණයක් පවත්වාගැනීමට නොහැකි. පළාත් සභා මැතිවරණයක් පවත්වාගැනිමට නොහැකි ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ද? කියන කාරණය මහජනතාව තීරණය කළ යුතුයි. ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයෙන් එන ජන මතයට බය නිසා තමයි පළාත් පාලන මැතිවරණය නොපැවැත්වුවේ.

ආණ්ඩුව පසුගිය දවස්වල උත්සහ කළා පළාත් පාලන මට්ටමින් සංවර්ධන කටයුතු සිදුකිරිම හරහා කමිටු පත් කළා. මුලින්ම යෝජනා කළේ හිටපු පළාත් සභා සභාපතිවරු මන්ත්‍රීවරු යොදාගෙන කමිටු හරහා සංවර්ධන කටයුතු කරන්න. නමුත් ඒක මහජන විරෝධය නිසා හකුළාගත්තා. ප්‍රජා කමිටු හරහා පළාත් පාලන මට්ටමින් සංවර්ධන කටයුතු සිදුකරන්න යෝජනා කරලා තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර ගෙන තිබෙන අවස්ථාවක ප්‍රජා කමිටු ඇතිකරලා පළාත් සභා සභාපතිවරු මන්ත්‍රීවරු යොදාගෙන සංවර්ධන කටයුතු සඳහා මුදල් වියදම් කිරිමට තමයි ආණ්ඩුව නැවත උත්සහ කරන්නේ. ඒ නිසා තමයි පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කරන්න උත්සහ කරන්නේ. නාම යෝජනවා කැදවලා තිබෙන අවස්ථාවක මෙම කටයුතු සිදුකරන්න බෑ. පළාත් පාලන මට්ටමින් සංවර්ධන කටයුතු කිරිම සඳහා මුදල් ලබාදීලා ජනතාව නොමග යවන්න තමයි ආණ්ඩුව උත්සහ කරන්නේ.

ආණ්ඩුව නාමයෝජනා අවලංගු කරන්න බෑ. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම තීරණයක් ගත යුතුයි. ස්වාධීන මැතිවරණයක් නියම කරන්න , මැතිවරණයක් පවත්වන්න මැතිවරණ කොමිසම හැකියාවක් නැත්නම් ස්වාධීන මැතිවරණ කොමිසමෙන් වැඩක් නෑ. මැතිවරණ කොමිසම යම් නිර්දේශයක් නිකුත් කරලා පාර්ලිමේන්තුවේ පනතක් හරහා එවැනි ක්‍රියාමාර්ගයක් ගත්තානම් එහි නිත්‍යානුකූලභාවය ගැන කතා කරන්න පුලුවන්. මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කළ යුතුයි. ඒ කිසිදු කාරණයක් පිළිබඳ සොයන්නේ නැතිව ආණ්ඩුව ඔවුන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරිම සම්බන්ධයෙන් අපි දැඩි විරෝධය පළ කරනවා.

කළ යුත්තේ පළාත් පාලන මැතිවරණය සදහා කැඳවපු නාමයෝජනා අවලංගු කිරිම නෙවෙයි. මැතිවරණය පැවැත්වීමයි සිදුකළ යුත්තේ. ඉදිරි මාස කිහිපය තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වු වේ නැතිනම් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහනයෙන් පසුව පළාත් පාලන මැතිවරණයත් පළාත් සභා මැතිවරණයත් පවත්වා එම ආයතන මහජන නියෝජිතයන්ට භාර දෙන්න අපි කටයුතු කරනවා.‘‘ යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan