*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවට තුනත් නැති වෙයි.

සටහන – නිශ්මං රණසිංහ

මැයි 17, කොළඹ (LNW):මධ්‍යම ආසියානු වොලිබෝල් සූරතාවලියේ තෙවන ස්ථානය සඳහා පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා වට 3-1 ජයක් ලබන්නට කිර්ගිස්තාවයට හැකි වුණා.ශ්‍රී ලංකාව තරගයේ තෙවන වටය ලකුණු 25 -20 ක් ලෙස ජය ගනිමින් ජයග්‍රාහී රිද්මයට පැමිණියද තෙවන වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් කරන ලද අතපසු කිරීම් නිසාහ ශ්‍රී ලංකාව දෙසට හැරෙන්නට තිබුණු තරගය කිර්ගිස්තානය ජය ගනිමින් නිමාවට පත් වුණා.තරගයේ පළමු වටය සහ දෙවන වටය කිර්ගිස්තිනය ලකුණු 25-20 ක් සහ 25 – 17 ක් ලෙස ජය ගත්තා.

තෙවන වටයේ දී ශ්‍රී ලංකාව විසින් කළ අත්වැරදීම් නිසා තරග යට පහක් දක්වා යාමට තිබුණු තරගය ලකුණු 25 – 23 ක් ලෙස කිර්ගිස්තානයට ජය කැදවමින් අවසන් වුණා.
මෙම තරගයේදී දෙටු ක්‍රීඩකයින් වෙනුවට වැඩි කාලයක් තරුණ ක්‍රීඩකයින් වන සනුක මධුභාෂණ සහ දුලංජන් සංදීප යෙදවීමට ගත් තීරණය පලදායී ලෙස ක්‍රියාවට නැඟුණා.ඔවුන්ගේ බාල වයසත් සමඟම දක්වන ලද දක්ෂතා ජාත්‍යන්තර විචාරකයන්ගේ අවධානයට සහ පැසසුමට ලක් වුණත් තරගය වෙනුවෙන් වෙනස් කළ සැළසුම් නොදකින්නට තිබුණු බව ඔවුන්ගේ ද අදහස වුණා.
ලකුණෙන් ලකුණ අලුත් වීමේ උපාය මාර්ගවලට ක්ෂණිකවි පිවිසීම වැදගත් බව මෙම තරගයේ දකින්නට තිබුණු දෙයක්.කිර්ගිස්තානයට මේ තරගාවලියේ මුල් තරගය පරාජය වීමෙන් පරාජිත දීශාවට හැරුණු ශ්‍රි ලංකාව තෙවන ස්ථානය සඳහා වූ තරගයේ දී එම ඉතිහාසය වෙනස් කර ජය මාවතට එනු ඇතැයි සිතුව ද,පළමු තරගය 3-2 න් පරාජය වීම තව තවත් බාල කර ගනිමින් මෙම තරගයේ දී 3-1 ක් ලෙස පරාජයට පත් වුණා.


ආදේශ කැඳවීමේ දී ඉතා දක්ෂ ක්‍රීඩකයෙකු වුව ත්,ගෙවෙන මොහොතේ නිසි රිද්මයේ නොමැති ඉසුරු මධුශාන් පිටතට නොගැනීමේ වැඩිම පාඩුව සිඳු වූයේ ඔහුටයි.වොලිබෝල් බලධාරීන් සජීවි විකශයන් සඳහා සහ ඊට ලැබෙන ප්‍රතිචාර ගැන අවධානය යොමු කළේනම් ඔහුට ඇති ප්‍රේක්ෂක ආදරයට සිඳු වූ හානිය ගැන යම් ඉඟියක් දන්නවා සැක නැහැ.අවසාන තරගයේ දී ද ඔහු අතින් පන්දුව ගොඩ ගැනීම සහ පන්දුවට යොමුවීමේ දුර්වලතා දකින්නට ලැබුණා.අප මිට පෙර පැවසූ ලෙස ද ගත් විට පිරිනමන පන්දුව ගොඩගැනීමේ මුල් තාක්ෂණික කාරණා බොහෝ විට නිවැරදිව සිඳු වුණේ නැති බව පිළිගත යුතු වෙනවා.ඒ නිසා මෙන්ම වෙනත් හේතු නිසා ද ඇතැම් විට පන්දුව ඔසවාදීම් ද වැරදුණු අවස්ථා දකින්නට ලැබුණා.


මේ සියල්ල අතරේ ප්‍රහාරකයන් ලෙස කල්පනාවෙන් කටයුතු කරපු නවකයන් දෙදෙනා වගේම අයේෂ් දිල්හාන් ද සෑහෙන සේවයක් සිඳු කළා.ලෙසදු මෙත්මාල් ද යම් යම් අවස්ථාවලදී පන්දු එසැවීම් සමඟ නිවැරදිව සම්බන්ධිකරණයක් නොමැතිවීමෙන් පසු බා සිටියද,ප්‍රහාරාත්මක වගකීම නිසි පරිදි ඉටු කරනු ලැබුණා.


තරුශගේ සහ මහේලගේ අඩුව ශ්‍රී ලංකා පිලට තදින් දැණුනා.එහෙත් හය දෙනෙක්ගේ ක්‍රීඩාවක දෙදෙනෙක් නැතිව තරග කරන්නට නොහැකිවීම කියන්නේ ක්‍රීඩකයන් දෙදෙනාගේ අඩුවටම පමණක් නොව රටේ පවතින ක්‍රීඩාවේ ද අඩුවක් බව පිළිගත යුතුයි.අලුත් හඳුනාගැනීම් සහ ඒවා සංවර්ධණය කිරීමේ අවශ්‍යයතාවය කිරිගිස්තානය සමඟ වූ තරගයේ දී දුලාංජන සහ සනික විසින් පෙන්වා දුන් වැදගත් පාඩමක් ලෙස සිතිය යුතුයි.තරගයේ විචාරක අදහසෙන් පැවසුවේ ද එකම හැඩයකට සැළසුම් කරන ලද තරග රටාවකට විවිධ චරිත ගෙන ඒම වෙනුවට වෙනස් වූ ක්‍රීඩා මැදිහත්වීමක් පිටිය තුළ සිඳු නොවුණු බවයි.විවිධත්වයම ප්‍රතිවාදීන්ට පීඩනයක් වීම නොවැළක්විය හැකි දෙයකි.

ඒ නිසා මේ කණ්ඩායමට එකතු වන අලුත් මුහුණ ගැන ද සිතන අතරේ වෙනස් වෙනස් ක්‍රීඩකයින් ගැන ද වෙනස් වෙනස් රිද්මයන් තුළ ක්‍රිඩාව තුළ නොසැලී නියැලීමේ හැකියාවද කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව තේරුම් ගත යුතු වෙනවා.
උනහපළු මවට සිය පැටියා කෙසේ වුව ද හැඩට ලස්සනට පෙන්න බව කීම සාමාන්‍ය ජනවහරේ එන දෙයක්.ඒ කතාව කියන්නේ උන හපළුවාට සාපේක්ෂ තැනක සිටයි.ඒ අතින් බලන කොට ශ්‍රී ලංකාවේ වොලිබොල් ක්‍රීඩාවේ පෝෂණය ගැන අවධානය යොමු කරන්නේනම් සහ පහසුකම් ගැන අවධානය යොමු කරන්නේනම් ඊට සාපේක්ෂව මේ ජය ප්‍රමාණවත් විය හැකියි.එහෙත් ඇත්ත මේ දියවී යාම පිළිගත නොහැකි වන්නේ චන්න ජයසේකර ප්‍රමුඛ පුහුණු කාර්ය මණ්ඩලය ද,ක්‍රීඩකයෝ ද ඉතාමත් පැහැදිළිව මීට වඩා දක්ෂයන් බව ඇපේ ඇස් මානයේ ඔප්පු කළ පිරිසක් වන බැවිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan