රණවිරුවෝ ගැන දිලිත්ගේ බලාපොරොත්තුව!

Date:

කොළඹ LNW:රණවිරුවන්ට නැවත අභිමානයෙන් මහ මග ගමන් කිරීමට හැකි ව්‍යවසායකත්ව රාජ්‍යක් නිර්මාණය කළ යුතු යැයි ව්‍යවසායක,මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

ජයවීර මහතා මේ අබව සඳහන් කළේ අද (17) ”අපි වෙනුවෙන් අපි” රණවිරු මෙහෙවර සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි.

වසර තිහක් පුරා පැවැති යුද්ධය අවසන් කරමින් රටට සාමය උදා කළ රණවිරුවන් වෙනුවෙන් උපහාර පිදීම සඳහා ”අපි වෙනුවෙන් අපි” කමිටුව විසින් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.

විශ්‍රාමික හමුදාපතිවරු ඇතුළු රණවිරුවන් 500කට අධික පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා පැවසුවේ හැම මොහොතකම මේ රට ඉදිරියට පැමිණියේ පසුපසට ගමන් කිරීමකින් අනතුරුව බවයි.

”කුරිරු යුද්ධය නිසා මේ රට වසර 30ක් පස්සට ගමන් කළා. මේ රටේ රණවිරුවන් අපි වෙනුවෙන් රට වෙනුවෙන් යුද්ධය අවසන් කර දුන් නිසා අපි වසර 30ක් ආපස්සට ගොස් හෝ රටේ ඉදිරි ගමන නැවත ආරම්භ කළා. අද තරුණ වියේ පසුවන විශ්‍රාම යන රණවිරුවන් මේ රටේ අතරමං වන අකාරය ඔබ දන්නවා ඇති. ඔවුන්ගේ ඉදිරි ජීවිතය පිළිබඳව සාධනීය සැලසුමක් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ අතින් අපි අසාධාරණ ජාතියක් බවට පත් වී තිබෙනවා. රණවිරුවාගේ අභිමානය සහ ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් පැලැස්තර හෝ පටු දේශපාලන පොරොන්දු දීමෙන් වැළකී සිටිය යුතුයි. රණවිරුවන්ට නැවත අභිමානයෙන් මහ මග ගමන් කිරීමට හැකි ව්‍යවසායකත්ව රාජ්‍යක් නිර්මාණය කල යුතුයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...