ඖෂධත් නොමැති රටක ජලභීතිකා අවදානමේ තත්වය ….

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (16) දිනයේදී ජාතිය අමතා ප්‍රකාශ කර සිටියේ ජලභීතිකා රෝගය වෙනුවෙන් ඖෂධ තව දුරටත් සෞඛ්‍ය අංශය සතුව නොමැති බවයි. එමෙන් ම ඒ වෙනුවෙන් කිසිදු විකල්පයක්ද මේ වන විට සෞඛ්‍ය අංශය සතුව නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පසුගිය කොරෝනා තත්වය හේතුවෙන් වසර දෙකක පමණ කාලයක් සුනඛයින් ජලභීතිකා එන්නතට ලක් කිරීම නිසි පරිදි සිදුවී නොමැත. යම් යම් ප්‍රදේශවල එන්නත්කරණය සිදු කරණු ලැබුවද ලංකාව පුරා සුනඛයන් එන්නත්කරණයට ලක් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක නොවීය.

රජයේ ආරංචි මාර්ග පවසන පරිදි පසුගිය මාස කිහිපය තුළ සමහර සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිය සේවය බල පවත්නා ප්‍රාදේශීය ලේකම්කාර්යාල වල ප්‍රාදේශීය ලේකම්වරුන්ව මේ පිළිබඳ දැනුවත් කර තිබේ. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඊට අයත් ග්‍රාම නිලධාරීවරුන්ද මේ අවදානම් තත්වය පිළිබඳ දැනුවත් කර ඇති බව සඳහන්.

ඒ අනුව මේ වන විට නිදැල්ලේ සිටින් සුනඛයන් බහුතරයකට ජලභීතිකා රෝගය වැළදීමේ ඉඩකඩ බහුලය. එවන් රෝගකාරක සුනඛයෙකු පුද්ගලයකු සපාකෑවහොත් එම සපාකෑමට ලක් වූ පුද්ගලයාට ජලභීතිකාව වැළඳෙනවා පමණක් නොව සෞඛ්‍ය අංශ සතුව කිසිදු විකල්පයක් නොමැති බැවින් මරණයට පවා පත්විය හැකිය.

මෙය වෛරසයක් මගින් ක්ෂීරපායී සතුන්ගෙන් මිනිසාට සෑදෙන මාරාන්තික රෝගී තත්වයකි. මිනිසාට බෝවන්නේ ආසාදිත සතෙකුගෙ ඛේටය (කෙල) , සතා සපා කෑමෙන්, සීරීමක් ඇති තැනකින්, සම කැඩුණු තැනකින් හෝ ශ්ලේෂ්මල පටලයකින් මිනිස් සිරුරට ඇතුලු වීමෙනි. ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගයේ ප්‍රධාන වාහකයා සුනඛයා වේ. එනමුත් බළලුන්, මුගටියන්, නරියන් ලේනුන් ආදී වෙනත් ආසාධිත ක්ෂීරපායි සතුන් මගින් ජලභීතිකා රෝගය මිනිසාට වැළදිය හැකිය. එමෙන් ම එවන් රෝගකාරක සතෙකු සපා කෑ විගස නොපමාව වෛදය ප්‍රතිකාර සදහා යොමු වීම අත්‍යවශ්‍ය වන අතර එන්නත් නිසි කලට ලබා නොගැනීම හේතුවෙන් මාරාන්තික ජලභීතිකා රෝගයට ගොදුරු විය හැකිය.

ලොවපුර ජනගහනයෙන් වසරකට මිනිසුන් 55000 කට අධික ප්‍රමාණයක් ජලභීතිකා රෝගය වැලදීම හේතුවෙන් මිය යයි. බහුතර මානව මරණ සංඛ්‍යවක් (95% ක් පමණ) ආසියානු හා අප්‍රිකා කලාප වලින් වාර්තා වන බව කියැවේ.

ශ්‍රී ලංකාව තුල වසරකට සමාන්‍යයෙන් ජලභීතිකා මානව මරණ 20-30 අතර ප්‍රමාණයක් වාර්තා වන අතර එයින් වැඩිපුර මරණ සංඛ්‍යවක් සිදුවන්නේ සුනඛ සපාකෑම් මගිනි.

පවතින අවදානම් තත්වය පිළිබඳ සැළකිලිමත් වී ඔබගේ ආරක්ෂාව තහවුරුකර ගන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය ගැන කථානායකගේ තීරණය අද

සටහන - රුවන් නෙළුගොල්ල ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල්...

හෙට වෙන්නේ මොකක්ද කියලා දන්නෙත් නැති, දැනෙන්නෙත් නැති සමාජයක් ….

පොදුවේ ගත්තම ලංකාවේ මිනිස්සු ජීවත්වෙන්නෙ අවබොධයකින්, කල්පනාවකින් නෙමේ.. අපේ...

අත්අඩංගුවට ගත් රසායන ද්‍රව්‍ය කන්ටේනර් දෙක ගැන සත්‍යය තොරතුරු රජය හෙළිදරව් කළ යුතුයි – සජිත්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය...

නිධන් හෑරීම : කොළඹ නියෝජ්‍ය පොලිස්පති සහ ඔහුගේ බිරිඳ ඇතුළු 9 දෙනා යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල නිධන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...