සුබසාධක ප්‍රතිලාභ දීමනාව පිළිබඳ නැවත පරීක්ෂා කිරීමක්.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සුබසාධක ප්‍රතිලාභ දීමනාව ගෙවීම් සඳහා ප්‍රදේශීය ලේකම්කාර්යාලවලට ලැබුණු සංගනණය කරන ලද තොරතුරු නැවත පරීක්ෂා කිරීම කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එහි සභාපති බී. විජයරත්න මහතා සඳහන් කළේ, නැවත පරීක්ෂා කළ අයදුම්පත්‍ 158,000 දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවය.

“සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම සඳහා වූ වැඩපිළිවෙළේ මේ වන විට සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලැබුණු සංගනණය වූ තොරතුරු නැවත පරීක්ෂාකිරීම හා සත්‍යාපනය කිරීමේ කටයුත්ත මේ දවස්වල ලහි ලහියේ සිද්ධ වෙනවා. ඒ අනුව ඒසේ ලැබුණු අයදුම්පත නැතිනම් ගෙවල්වල විස්තර 88,000ක ප්‍රමාණයක් අපේ දත්ත පද්ධතියට ඇතුළු කරලා තියෙනවා. ඊයේ දවස තුළ 69,000ක විතර ප්‍රමාණයක් ඇතුළු කරලා තියෙනවා. මේ අනුව අපි තව දවස් 5, 6කින් මේ ක්‍රියාවලිය අවසන් වෙයි. ඊට පස්සේ අපිට සුදුසුකම්ලාභීන්ගේ ලැයිස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ප්‍රදර්ශන කිරීමට පුළුවන් වෙයි කියන අපේක්ෂාව අපිට තියෙනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ආකර්ෂණයට කළ යුතු දේ BOI සභාපතිවරයා අවධාරණය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවට විදේශ...

කස්සප හිමි ඇතුළු කණ්ඩායමට අදත් ඇප නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත...

ගුවන් අනතුරකින් ඉන්දියාවේ ප්‍රකට දේශපාලනඥයෙකු වන අජිත් පවර් මිය යයි…

රෂිකා හෙන්නායක ජනවාරි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ...

ආණ්ඩුවේ අලුත්ම තීරණය – මින් ඉදිරියට ගමේ සංවර්ධන වැඩ වෙන්නේ ප්‍රජා සංවර්ධන සභා හරහා පමණයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මින් ඉදිරියට ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සියල්ල...