*
Friday, May 3, 2024
spot_img

Latest Posts

දයාසිරිගෙන් රටේ රාළට පිළිතුරක්

“ශ්‍රිලනිප අර්බුදය හමුවේ මෛත්‍රී බකන් නිලාගෙන” ලිපිය රටේ රාළ වෙබ් පිටුවේ පළවෙලා පැය කීපයක් ඇතුලත ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර රටේ රාළට දුරකතන ඇමතුමක් දුන්නා.දයාසිරි සහ රටේ රාළ අතර පැයකට ආසන්න කාලයක් දුරකතන සංවාදයක් පැවැත්වුනා.ඇත්තටම ඒක ඉතා සුහද අදහස් හුවමාරු කර ගැනීමක්.ප්‍රශ්නය ගැන කෙලින් කතා කිරීම ගැන සහ ඒ සඳහා සංයමයක් තිබීම ගැන දයාසිරිට පළමුවෙන්ම ස්තුති වන්ත වෙනවා. දයාසිරි රටේ රාළ ලිපි පෙල පරිශීලනය කරන පාඨකයෙක් බවත් කිව්වා.

දයාසිරි සහ රටේ රාළ අතර ඇතිවුන සංවාදය පෞද්ගලික මට්ටමේ එකක් නෙවෙයි.මොකද දයාසිරි එක්ක දේශපාලනික හෝ පෞද්ගලික ගනුදෙනුවක් රටේ රාළ මීට ඉස්සෙල්ලා කවදාවත් කරලා නෑ.දයාසිරි එක්ක රටේ රාළ කතා කරපු පළවෙනි අවස්ථාවත් මේක. සාකච්ඡාවේ වැඩි පැහැදිලි කිරීම් කළේ දයාසිරි.ඒ රටේ රාළගේ විවේචනය ඒ වෙනකොටත් දයාසිරි දන්න හින්දයි.හංගන්න දෙයක් නැති උනත් සංවාදයේ සියල්ල දිග හරින්න රටේ රාළ කැමති නෑ.ඒත් රටේ රාළගේ විවේචනයට දයාසිරි දුන්න ප්‍රති විවේචනය මොකද්ද කියලා රටට ඉදිරිපත් කරන්න සදාචාරාත්මක වගකීමක් රටේ රාළට තියනවා.දයාසිරිගේ පළවෙනි තර්කය උනේ රටේ රාළගේ විග්‍රහය වැරදි තොරතුරු මත පදනම් උන එකක් කියලයි.රටේ රාළ කිව්වේ රටේ රාළගේ විග්‍රහයට අදාළ විවේචනය ඉදිරිපත් කරන්න කියලයි.දයාසිරි රටේ රාළට ගේන විවේචනය සාධාරණ පදනමින් රටට ඉදිරිපත් කරන්න රටේ රාළ පොරොන්දු වුනා.

ශ්‍රිලනිප ජේෂ්ඨයන් පක්ෂයෙන් එලවීමට දයාසිරි වගකිව යුතුයි කියලා රටේ රාළට එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව දයාසිරි කිව්වා.දයාසිරිගේ පැහැදිලි කිරීමට අනුව ශ්‍රීලනිප ජේෂ්ඨයන් කවුරුත් එලවලා නෑ.එලවන්න ඉස්සෙල්ලා එයාලා ගිහින්.පක්ෂයේ පොදු තීරණ එක්ක එයාලා කටයුතු කරලා නෑ කියලයි දයාසිරි කියන්නේ.මෛත්‍රී ජනාධිපති විදිහට ඉන්න කාලේ රනිල්ට එරෙහිව ගෙනාපු විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දෙන්න ශ්‍රිලනිපය පක්ෂයක් විදිහට තිරණය කරලා තියනවා.පක්ෂ තීරණය අනුව රනිල්ට විරුද්ධව ඡන්දය දෙන්න දයාසිරි ඕස්ට්‍රේලියාවේ ඉදන් ඇවිත් තියෙන්නේ.ඒත් එදා ශ්‍රිලනිපය නියෝජනය කරපු මන්ත්‍රීවරු 39 දෙනාගෙන් දයාසිරි ඇතුළු 16 දෙනෙක් විතරක් පක්ෂ තිරණයට අනුව ඡන්දය දීලා තියනවා.අනෙක් අය මගහැරලා.එහෙම පටන් ගත්ත පක්ෂ පොදු තීරණ පැහැර හැරීම දිගටම ජේෂ්ඨයන් කරපු බව දයාසිරි උදාහරණ සහිතව කිව්වා.‍ ශ්‍රීලනිප ජේෂ්ඨයෝ කැමති අමාත්‍ය තනතුරු තියාගෙන වැඩ කරන්නලු.

දයාසිරිගේ පැහැදිලි කිරීමට අනුව දයාසිරි දිගටම පක්‍ෂ තීරණ එක්ක හිටලා තියනවා.අද වනවිට මෛත්‍රි රනිල් ළගට ගෙනියන්න ජේෂ්ඨයෝ විවිධ හේතු කියමින් උත්සහ දරන බවත් කිව්වා.කොහොම උනත් 2022/11/21 ක දවසේ චන්ද්‍රිකා, දුමින්ද ඇතුළු දහ දෙනෙක්ගේ පක්ෂ සාමාජිකත්වය මෛත්‍රිගේ යෝජනාවක් අනුව අත්හිටවූ බව දයාසිරි කිව්වා.ඒක නිසා ජේෂ්ඨයින් එලවන්න තමන් සැලසුම් කළාය කියන විවේචනය දයාසිරි දැඩිව ප්‍රතික්ෂේප කළා.දයාසිරිගේ විවේචනය එහෙම උනත් දයාසිරිට එල්ල කරපු චෝදනාව මත තවදුරටත් රටේ රාළ ඉන්නවා. තවමත් ශ්‍රිලනිප නොවන භාහිර පාර්ශව සමඟ දයාසිරි කරන දේශපාලන ක්‍රියාකාරකම්වල විවෘත බවක් පේන්නේ නෑ.පක්ෂ ජේෂ්ඨයෝ රනිල් හෝ රාජපක්ෂලා එක්ක රහසිගත ගනුදෙනු තියෙන ආකාරයටම දයාසිරිත් ශ්‍රිලනිපය කඩා වෙන් කිරීමට එදා සුදානම් වුන විමල්,ගම්මන්පිල හවුල සමඟ තියෙන ගනුදෙනු තවමත් සැක කටයුතුයි.

කොහොම උනත් ජේෂ්ඨයින් ඉවත් කිරීම කියන තීරණය දයාසිරිට තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියන කතාව ඇත්ත. ඇත්තටම ඔය කියන ජේෂ්ඨයෝ නිමල් සිරිපාලලා නං,අමරවීරලා නං දයාසිරි කියන කතාවේ ඇත්තක් තියනවා.ඒ විවේචනය රටේ රාළ ඔය කියන ජේෂ්ඨයින්ටත් කරලා ඇති.රටේ රාළ දයාසිරිට විවේචනය ගේන්නේ පක්ෂයේ ලේකම් භූමිකාවට අදාලවයි.රටේ රාළ එතනදී කියන්නේ පක්ෂයේ ලේකම් කියන්නේ පක්ෂයේ නිල භාරකරුවා කියලයි.පක්‍ෂ අර්බුදයකදී පක්ෂ ලේකම්වරයාගේ භූමිකාව විශේෂයෙන්ම තීරණාත්මකයි. පක්ෂයක මතුවෙන ගැටලුවක් පක්ෂ අභයන්තරයේම විසදා ගන්න පක්ෂ ලේකම්වරයා දක්ෂ වෙන්න ඕනි.ඇත්තටම දුමින්ද මෛත්‍රිට එවපු ලිපිය රටට යන්න ඕනි එකක් නෙවෙයි.ඒ වගේ ඒ ලිපියට දයාසිරි ලියන පිලිතුර ඉතාමත් විහිළු සහගත එකක්.නීතිඥයෙක් විදිහට දයාසිරි එහෙම ලිපියක් ලියයි කියලා හිතන්නත් බෑ.

ඇත්තටම ඒකේ තියෙන්නේ යන්නේ කොහේද මල්ලේ පොල් උත්තර.ඒක හරියට දයාසිරිගේ හතුරෙක් මෛත්‍රි එක්ක දයාසිරි කොටවන්න ලියපු ලියුමක් වගේ.දුමින්දගේ ප්‍රශ්නයට තනිකරම ගහලා තියෙන්නේ මෛත්‍රිට.එහෙමත් නැත්තං මෛත්‍රිගේ තරහකාරයෙකුට කියලා ලියා ගත්ත ලියුමක් වගේ.අවස්ථාව ආපු වෙලාවේ ඒකා මෛත්‍රිට ගහලා. රටේ රාළගේ විවේචනය දයාසිරිට එල්ල වෙන්නේ දයාසිරි කියන පුද්ගල චරිතයේ හැකියාවන් හෝ නොහැකියාවන් ගැන හිතලා නෙවෙයි.දයාසිරි ශ්‍රිලනිප මහ ලේකම්වරයා විදිහට අදාල භූමිකාවට සාධාරණය ඉෂ්ඨ නොවෙන නිසයි.ඒ වගේම දයාසිරි ශ්‍රිලනිප මහ ලේකම් බවට පත්වුණාට පස්සේ ශ්‍රිලනිපය ශක්තිමත් කරන්න දයාසිරි මැදිහත් වුන හැටි සහ ඒ වෙනුවෙන් කරපු කැපකිරීම් සහ ප්‍රතිසංස්කරණ ගැනත් දයාසිරි කිව්වා.දයාසිරිගේ මතය වුනේ දයාසිරිගේ මේ වැඩ රටාව විසින් පක්ෂය ඉදිරියට ආවා වගේම දයාසිරිත් පක්ෂය ඇතුලේ ඉදිරියට ආවා කියලයි.

දයාසිරිගේ ඉදිරියට පැමිණීම ඉවසන්න බැරි පිරිසක් දයාසිරිට එරෙහි කරන දේශපාලනයේ ප්‍රතිඵල මේවා බවයි.ඊළගට රටේ රාළ කියපු කුරුණෑගල දිස්ත්‍රික්කයයේ ශ්‍රිලනිප සංවිධායකින් ගණනාවක් පක්ෂයෙන් ඉවත් කරන්න දයාසිරි මුල්වුනා කියලා රටේ රාළ ඉදිරිපත් කරපු ඒ චෝදනාවත් දයාසිරි මුලුමනින්ම බැහැර කළා.දයාසිරිගේ විග්‍රහය අනුව එයාලා ස්වේච්ඡාවෙන්ම පොහොට්ටුවට සම්බන්ධ වුන අය සහ පොහොට්ටුව විසින් මිලදී ගත්ත අයයි.හැබැයි ඒ දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිප නායකයා දයාසිරි. පොහොට්ටුවෙන් එයාලා ගැනීම අසාධාරණ වෙන්න පුළුවන්.දිස්ත්‍රික් නායකයා විදිහට තමන්ගේ මූලිකයන් රැකගැනීමට අසමත් වීමත් නායකත්වයේ දුර්වලකමක්. කොහොම උනත් මේ සාකච්ඡාවේදී රටේ රාළට එකක් පැහැදිලියි. දයාසිරි ශ්‍රිලනිපය ඇතුලේ අර්බුදයක් තියෙන බව පිලි අරගෙන තියනවා.ඒ වගේම තමනුත් ඒ අර්බුදයේ කොටස් කාරයෙක් බව පිළිඅරගෙන තියනවා.ඒ විවෘත බව දයාසිරිට තිබීම හොදයි.

රටේ රාළ හිතන්නේ ඒ විවෘතකම සහ සංයමය පක්ෂ ඇතුලේ මතු වෙන ප්‍රශ්න විසදා ගැනීමේදීත් තිබුණා නම් සමහරවිට මේ ප්‍රශ්න මේ තත්වයට වර්ධනය නොවී තියෙන්න ඉඩ තිබුණා.දයාසිරිට විතරක් නෙවෙයි ඔය හැම පාර්ශවයකටම ඒක අදාළයි. කොහොම උනත් රටේ රාළ ඉදිරිපත් කරපු විවේචනය හරයාත්මකව නිවැරදී කියන තැනක රටේ රාළ තවමත් ඉන්නවා.දයාසිරි සහ රටේ රාළ අතර ඇතිවුන සංවාදයේ පුද්ගලයන් සම්බන්ධ මතු වුන කරුණු සහ අදහස් මේ ලිපියේ කිසිම තැනක රටේ රාළ සදහන් කරලා නෑ.දයාසිරිගේ අදහස සංෂිප්ත කරලා ඉදිරිපත් කිරීමක් විතරක් කරලා තියනවා.ඇත්තටම රටේ රාළගේ සහ දයාසිරිගේ ප්‍රති විවේචනයේ හරි වැරදි බව නිශ්චිත කරගැනීමේ වගකීම තියෙන්නේ ශ්‍රිලනිප නායකකාරකාදීන්ටයි.ඒ සංවාදය ශ්‍රිලනිපයේ යහපත වෙනුවෙන් දෙපාර්ශවයම යොදා ගනි කියලා රටේ රාළ විශ්වාස කරනවා.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan