ඌරාගල වතුයායේ (JEDB) අයත් අක්කර 22ක ක් පුද්ගලික අංශයට ලබාදීමට එරෙහිව විරෝධයක්!

0
322

සටහන – රෂිකා හෙන්නායක

මැයි 18, කොළඹ (LNW):

හන්තාන උඩුවෙල,ඌරාගල වතුයායේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට (JEDB) අයත් අක්කර 22ක ඉඩම් ප්‍රමාණයක් අනීතිකව පුද්ගලික අංශයට ලබාදීමට එරෙහිව පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක් අද පෙරවරුවේ හන්තාන ඌරාගල ප්‍රදේශයේදී පැවැත්විණි.