නීති විරෝධී ලෙස ගෙන ආ එනසාල් සහ වියලි ඉගුරු තොගයක් නාවුක හමුදා බාරයට! 

Date:

රෂිකා හෙන්නායක මැයි 18, කොළඹ LNW :

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් ගෙන එන ලද එනසාල් සහ වියලි ඉගුරු තොගයක් නාවුක හමුදාව විසින් සිය බාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඊයේ(17) වැනිදා රාත්‍රී කාලයේ කල්පිටිය – උච්චමුනේ මුහුදු වෙරළේ තිබියදී මෙම එනසාල්, වියලි ඉගුරු තොගයක් සහ මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ආ බව කියන කුඩා ප්‍රමාණයේ ඩිංගි බෝට්ටුවක්ද නාවුක හමුදාව තම බාරයට ගෙන ඇති බව වාර්තා වේ.

නාවුක හමුදාව සඳහන් කර සිටියේ , නාවුක හමුදා බාරයට ගෙන ඇති එනසාල් කිලෝ ග්‍රෑම් 150 ක ප්‍රමාණය පොලිතින් මළු 04ද,වියලි ඉගුරු කිලෝ ග්‍රෑම් 320 පොලිතින් මළු උර 08 කද අසුරා තිබී ඇති බවයි.

මෙම වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් පලා ගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා නාවුක හමුදාව සහ පොලීසිය විමර්ශණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...