නීති විරෝධී ලෙස ගෙන ආ එනසාල් සහ වියලි ඉගුරු තොගයක් නාවුක හමුදා බාරයට! 

Date:

රෂිකා හෙන්නායක මැයි 18, කොළඹ LNW :

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් ගෙන එන ලද එනසාල් සහ වියලි ඉගුරු තොගයක් නාවුක හමුදාව විසින් සිය බාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඊයේ(17) වැනිදා රාත්‍රී කාලයේ කල්පිටිය – උච්චමුනේ මුහුදු වෙරළේ තිබියදී මෙම එනසාල්, වියලි ඉගුරු තොගයක් සහ මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ආ බව කියන කුඩා ප්‍රමාණයේ ඩිංගි බෝට්ටුවක්ද නාවුක හමුදාව තම බාරයට ගෙන ඇති බව වාර්තා වේ.

නාවුක හමුදාව සඳහන් කර සිටියේ , නාවුක හමුදා බාරයට ගෙන ඇති එනසාල් කිලෝ ග්‍රෑම් 150 ක ප්‍රමාණය පොලිතින් මළු 04ද,වියලි ඉගුරු කිලෝ ග්‍රෑම් 320 පොලිතින් මළු උර 08 කද අසුරා තිබී ඇති බවයි.

මෙම වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් පලා ගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා නාවුක හමුදාව සහ පොලීසිය විමර්ශණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...