හයිද්‍රාබාද්හි ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් හේතුවෙන් 17 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි
මැයි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(18) උදෑසන හයිද්‍රාබාද්හි චාර්මිනාර් අසල ගුල්සාර් හවුස් හි ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් අවුරුදු 10ට අඩු දරුවන් 8 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 17 දෙනෙකු මිගොස් ඇති බව වාර්තා වේ.

තෙලන්ගානා ආපදා ප්‍රතිචාර සහ ගිනි නිවන සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වයි නාගි රෙඩ්ඩිගේ විමර්ශනයන්ට අනුව, ගින්නට හේතුව විදුලි පරිපතවල ඇති වූ ගින්නක් බවට අනාවරණයව ඇති අතර 21 දෙනෙකු බේරාගෙන ඇත.

බොහෝ මරණ වලට හේතුව දුම ආශ්වාස කිරීම බව සෞඛ්‍ය අංශ වලින් තහවුරු කර ඇති අතර අග්‍රාමාත්‍ය මොදී මෙම අනතුර හේතුවෙන් ජිවිත අහිමිවූවන්ට සිය කනගාටුව ප්‍රකශ කර තිබු අතර එම පවුල් වලට ඉන්දීය රුපියල් ලක්ෂ දෙකක ආධාර ලබා දීමට නියමිත බව සිය සමාජ මාධ්‍ය ජාලා හරහා සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...